
දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කරන ලද පැය 24ක සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේදී නිමාවට පත් කර ඇත. මේ අනුව අද (18) දින සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කර ඇත.
ඉල්ලීම් කිහිපයක් පදනම් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක කාලයක් සඳහා මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (17) දින පුරා දුම්රිය ගමන් ගණනාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු විය.
කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇති පරිදි ඊයේ දිනය තුළ කෙටි දුම්රිය ගමන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත.
මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ ඉල්ලීම් සඳහා ලබන බදාදා වන විට විසඳුම් ලබා නොදුනහොත්, බ්‍රහස්පතින්දා දිනයේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval