two-suspects-in-dehiwala-shooting-arrested-with-ice

පසුගිය මැයි 19 වන දින දෙහිවල පොලිස් වසමේ නැදිමාල ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත්කිරීමේ සිදුවීමට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඒ, එම අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සිදු කරමින් පවතින විමර්ශනයකට අනුවයි.



බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (27)

අපරාධයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 160 ක් හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධ තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 350 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 38 හා 43 වයස්වල පසු වන දෙහිවල හා මිහින්තලය ප්‍රදේශ වල පදිංචිකරුවන් දෙදෙනෙකි.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.