ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන මැයි මස 03 වන දින සිට 06 වන දින දක්වා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය ජාත්‍යන්තර වෙසක් දිනය මූලික කරගෙන සංවිධානය කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (29) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිත අතර, අදාළ යෝජනා ඊයේ (28) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ අනුව අද දින කැබිනට් මාධ්‍ය හමුවේදී මේවා ප්‍රසිද්ධ කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval