
නන්දෙසින් පොලිසියට වාර්තා වන බොහොමයක් මිනිස් ඝාතන ක්ෂණික කෝපය නිසා වන ඒවා බව විමර්ශනවලදී පෙනී ගොස් තිබේ. කිසියම් කරුණක් මුල්කරගෙන ඇති වන ආරවුල් අවසානයේ මිනිස් ඝාතනයක් දක්වා දුරදිග යන්නේ ක්ෂණික කෝපය පාලනය කර ගැනීමට නොහැකියාව ඇති නිසා බව පොලිසිය කියයි. මෙවන් අවස්ථාවලට ගොදුරු වූ තැනැත්තා අවසානයේ දසදහස් වාරයක් පසුතැවිලි වෙයි. හිරේ විලංගුවේ වැටෙයි. දරු පවුල් පවා විනාශ වේ.
මේ හා සමාන සිදුවීමක් පසුගියදා අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියටද වාර්තා වී තිබේ. පොලිසිය පවසන්නේ විහිළුවක් දුරදිග යෑම නිසා මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් අවසානයේ නිමා වූයේ එක් මිතුරකුට සිය ජීවිතයද අහිමි කරවමිනි. මිතුරා ඝාතනය වෙද්දී අනෙකාට හිරේ කූරු ගණින්නට සිදුවූයේ ක්ෂණික කෝපය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසා බව මේ සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
මෙම සිදුවීම එකිනෙක පෙළගැසෙන්නේ මෙලෙසිනි. ඩිලක්ෂන් සහ දර්ශන් දෙදෙනා හොඳ මිතුරෝය. දෙදෙනාම සේවය කළේ අවිස්සාවේල්ල නගර මධ්‍යයේ පිහිටි තොග වෙළෙඳසලකය. දර්ශන් මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඩිලක්ෂන් බගවන්තලාවේ පදිංචි අයෙකි.මොවුන් මීට මාස කිහිපයකට පෙර අවිස්සාවේල්ලට පැමිණෙන්නේ තොග කඩේක සේවය කිරීමේ අදහසිනි.
මොවුන්ට අමතරව තවත් කිහිපදෙනකු එහි සේවය කරන අතර සේවා ස්ථානයට යෑමේ ඒමේ පහසුව තකා මොවුන් නතරව සිටියේ විද්‍යාල මාවතේ දෙවැනි පටුමගේ ඇති බෝඩිම් කාමරයකය. එම කාමර පවත්වාගෙන යන්නේද තොග වෙළෙඳහලේ හිමිකරුය. එක බෝඩිමේ සිටීම නිසා ඩිලක්ෂන් සහ දර්ශන් අතර දැඩි මිතුරුකමක් හටගැනිණි. අඩියක් ගහන්නේද ඒ දෙදෙනා පමණි. ඇතිව තිබූ මිතුරුකම නිසා මොවුන් බොහෝ අවස්ථාවලදී ගමන් බිමන් ගියේද එකටය.
ඉකුත්දා අවිස්සාවේල්ල විද්‍යාල මාවතේ බස් නැවැතුම්පොළ පිටුපස “කානිවල්” එකක් සංවිධානය කර තිබිණි.
“වැඩ ඉවරවෙලා, අපිත් යමු කානිවල් එක බලන්න."
දර්ශන්ගේ ඉල්ලීමට ඩිලක්ෂන්ද කැමැත්ත පළකර තිබේ.
“බියර් එකකුත් ගහලා යමුද?” එම අදහසටද දෙදෙනා කැමැති විණි. ඒ අනුව බියර් බෝතල කිහිපයක් බෝඩිම් කාමරයට ගෙන්වා ගත් මිතුරන් එය පානය කිරීමෙන් පසු කානිවල් එක බලන්න යෑමට සැරැසිණි. බියර් පදම නිසා දෙදෙනාගේ රතුකට්ටද පැන තිබිණි. සැණකෙළි භූමිය දෙනෝ, දහකගෙන් පිර් තිබිණි. සෙනඟ අතරින් ඉදිරියට ගිය ඔවුන්ට රූමත් තරුණියක් නෙත ගැටුණේ අහම්බෙනි. ඇය තව කිහිපදෙනකු සමඟ සැණකෙළියට පැමිණ සිටින අයුරු ඔවුනට දිස්විණි. ඒ සමඟ දර්ශන් එම තරුණියටද උසුළු විසුළු කරමින් සිය මිතුරා වූ ඩිලක්ෂන්ව ඇය අසලට තල්ලු කර තිබේ. මින් දැඩි ලෙස අපහසුතාවට පත් තරුණිය කෑගැසීමත් සමඟ ඒ අවට සිටි ඇගේ ඥාතීන් ඩිලක්ෂන් අල්ලා ඔහුට හොඳ හැටි පහර දෙන්නට වූ අතර ඒ සමඟම සැණකෙළිය එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
සිය මිතුරාට පහර දෙන ආකාරය දුටු දර්ශන් ඒ සමඟ එතැනින් පලාගියේ තමාටද ඔවුන් පහර දෙතැයි යන සැකය නිසාය. කෙසේ වෙතත් එලෙස දිව ගිය දර්ශන් නතර වූයේ සිය බෝඩිම් කාමරයේය. කාමරයට වැදී දොර වසාගත් දර්ශන් කිසිවක් නොවූවකු ලෙස නිදන්නට විය.
මේ අතර පිරිසගෙන් හොඳ හැටි පහර කෑ ඩිලක්ෂන්ද කානිවල් එක නැරැඹීම පසෙක තබා සිය බෝඩිමට පැමිණියේ මිතුරා කෙරෙහි ඇති වූ දැඩි වෛරයක්ද සමඟිනි. කාමරයට වැදුණු ඩිලක්ෂන් දුටුවේ කිසිත් නොදන්නකු සේ දර්ශන් නිදා සිටින අයුරුයි. මෙය දැකීමෙන් ඩිලක්ෂන්ට විශාල කෝපයක් ඇති විය. ඔහු දර්ශන් සමඟ ආරවුලක් ඇති කරගන්නට විණි.
“මූ නිසා මම ගුටිත් කෑවා. මූ මුකුත් නොදන්නා එකා වගේ ඇවිත් නිදි. නැඟිටපන් යකෝ..."
"තෝ කරපු බලු වැඩේ නිසා මම උන්ගෙන් හොඳට කෑවා.
තෝ මෙතැන ඇවිත් සද්ද නොකර නිදි." එසේ කියමින් ඩික්ෂන් සිය මිතුරා වූ දර්ශන් සමඟ බහින්බස් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එතැන තිබූ හිස් බියර් බෝතලයක් අතට ගත් ඩිලක්ෂන් එය කඩා දර්ශන්ට ඇන්නේය. ඒ සමඟ ඇසුණු මරළතෝනිය ඒ අවට සිසාරා යෑමත් සමඟ අවට පිරිස්ද බෝඩිම් කාමරය වෙත පැමිණියහ. දර්ශන් ලේ පෙරාගෙන වැටී සිටින අයුරුත් ඩිලක්ෂන් කැඩුණු බෝතලය අතැතිව සිටින අයුරුත් බෝඩිම් කාමරයට පැමිණි දෙතුන් දෙනෙක් දුටුවෝය. ඒ සමඟම ඩිලක්ෂන් බෝඩිම් කාමරයෙන් පිටතට පැමිණ හීන් සීරුවේ එතැනින් මාරු වී ගොස් තිබේ.
මේ අතර අවිස්සාවේල්ල විද්‍යාල මාවතේ ගොඩනැඟිල්ලක කාමරයක් තුළ පුද්ගලයකු වැටී මියගොස් සිටින බවට 119 හදිසි ඇමැතුම් අංශය හරහා කළ දැනුම් දීමත් සමඟ අපරාධ විමර්ශන අංශයේ නිලධාර්න් කණ්ඩායමක් අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ සිට මීටර් 900ක් පමණ දුරින් ඊසාන දිසාවට වන්නට පිහිටි ගොඩනැඟිල්ලට ගොස් කළ විමර්ශනයේදී පුද්ගලයකු ලේ පෙරාගෙන වැටී සිටින අයුරු දැක ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු මස්කෙළිය, සින්නසූරිය කන්ද පදිංචි 24 හැවිරිදි පූර්ව රාජ් දර්ශන් නමැත්තකු බවට අනාවරණය කරගන්නා ලදී. පසුව විමර්ශන නිලධාර්න් මේ සම්බන්ධයෙන් ඉහළ නිලධාර්න් මෙන්ම අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයද දැනුවත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් පරීක්ෂණයද පශ්චාත් මරණ පරීක්ෂණයද පැවැත්වූ අතර සිද්ධියට අදාළ ගොඩනැඟිල්ලේ රැඳී සිටි පුද්ගලයන්ගෙන්ද ප්‍රකාශ ලබාගන්නා ලදී.
මේ අතර දර්ශන් ඝාතනය සම්බන්ධ විමර්ශන සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ විසින් අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙතද පවරන ලදී. ඒ අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පක්ෂක අබේදීර ඇතුළු කණ්ඩායමක් විමර්ශන ඇරැඹූ අතර දර්ශන්ගේ ඝාතනයට ඩිලක්ෂන් නමැත්තා සම්බන්ධ බවට තහවුරු වීම නිසා ඔහු සොයා ගැනීම සඳහා විමර්ශන ඇරැඹිණි. පසුව සැකකාර ඩිලක්ෂන් භාවිත කළ ජංගම දුරකථන දත්ත ඔස්සේ විමර්ශන සිදු කිරීමෙන් පසු විශේෂ කාර්යාංශයේ කොස්තාපල්වරයකුට ලද තොරතුරක් මත හෙට්ටිපොළ පොලිස් වසමට අයත් හල්මිල්ලෑව, බරන්පොළ ප්‍රදේශයේ කොහු මෝලක සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට හැකි විණි.
"මම ඇත්තටම දර්ශන්ට ඇන්නේ ඌ මරන්න හිතාගෙන නෙවේ සර්.
අපි දෙන්නා බීලත් හිටියෙ. ඌ නිසා මට ගුටි කන්නත් වුණා. ඒක වේදනාවට තමයි මම ඌත් එක්ක රණ්ඩු වුණේ. මට මගේ කේන්තිය පාලනය කරගන්න බැරි වුණා සර්..."
සැකකාර ලක්ෂන් පොලිසිය හමුවේ කියන්නට විය. සැකකරුගේ ප්‍රකාශය මත දර්ශන් ඝාතනයට යොදාගත් කැඩුණු බියර් බෝතලය සහ සැකකරු ඒ අවස්ථාවේ හැඳ සිටි ඇඳුම්ද නිලධාරීර්න් සිය භාරයට ගත්තේය.
සැකකාර ඩිලක්ෂන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
(කීර්ති මෙන්ඩිස්)
Comments
Post a Comment
Your comment will be visible after approval