
දුරගමන් සේවා පෞද්ගලික බස්රථ සදහා මින් ඉදිරියට මාර්ග බලපත්‍ර නිකුත් කරන්නේ එම බස්රථවල සීසීටීවී ආරක්ෂණ කැමරා පද්ධති සවිකර ඇත්නම් පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම බස් රථ වලදී සිදුවන කාන්තා හිංසනයන්ට අදාළ පැමිණිලි දැනුම් දීමට ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද එහි සභාපති බී.ඩී. විතාරණ මහතා පැවසීය.පොදු ප්‍රවාහනයේ දී කාන්තාවන්ට සිදුවන හිංසනයන් වැළැක්වීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කීවේය. පොදු ප්‍රවාහනය කාන්තාවන්ට පොදු අවකාශයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.කාන්තා හිංසනයේ දී වර්තමානයේ කාන්තාව හුදෙකලා වන බවත් ඒ වෙනුවෙන් සමස්ත මගී ජනතාව සංවිධානය කිරීමට සමාජ කතිකාවක් ඇති කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval