
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකාරීනි සුසන්තා චන්ද්‍රමාලී මහත්මියගේ අවමංගල්‍යය වෙනුවෙන් ඇගේ නිවසට ගොස් අවසන් ගෞරව දැක්වීය.
හම්බන්තොට මුල්කිරිගල ප්‍රදේශයේ උපන් සුසන්තා මහින්දගේ දීර්ඝ කාලීන හිතවතියකද වෙයි.
මහින්දගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් 2009 දකුණු පළාත් සභා මැතිවරණයටද තරග කළ නමුත් සුසන්තා ජයග්‍රහණය කළේ නැත.
සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) අද සිදු කෙරිණි. කඩුවෙල කොතලාවල ගැමුණු පුර පිහිටි කනත්තේ දී ඇයගේ දේහය ආදාහනය කළේ ඇයට ආදරය කළ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සියල්ල හඬවමිනි.




