janaki-jayawardane-speeches

කොළඹ විශ්ව විදයාලයේ ඉතිහාස අංශයේ ආචාර්ය ජානකී ජයවර්ධන කොහුවල සිය නිවස අසළ දී වාහනයකට යටවී ජීවිතයෙන් සමුගත්තේ අනපේක්ෂිත ලෙසය. මියයනවිට ඇයට වයස 59 කි. ඇය කොළඹ සරසවියේ ඉතිහාස අංශ ප්‍රධානියා ලෙසද කලක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි.
ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය, විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන රැසක් සිදු කර ඇති විද්වතෙකි. ඇය ඉතා ව්‍යක්ථ ලෙස අදහස් පළ කරන්නියකි.ඇය එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත්තියකි. ඇගේ මෙම අනපේක්ෂිත සමුගැනීම අධ්‍යාපන ක්ෂෙත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවකි.
ඇය සිදු කළ ප්‍රසිද්ධ කතා රැසකි. අවස්ථා දෙකකදී ඇය කළ කතා වීඩියෝ පහතින්


කතාව 01


කතාව 02