
උසාවියට භාරවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවස සෝදිසි වරෙන්තුවක් නොමැතිව පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ උමයංගනී විජේවර්ධන විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඊයේ මාර්තු 18 වැනි දින සවස් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක් අතුරුගිරිය හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් නිවස පරීක්ෂාවට ලක් කර ඇත. මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ සෝදිසි වරෙන්තුවක් නොමැතිව බවට චෝදනා කරමින් තෙන්නකෝන් මහතාගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙම පරීක්ෂණයේදී විශාල ප්‍රමාණයක දේශීය හා විදේශීය මත්පැන් බෝතල් සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව දැනට විමර්ශන සිදු කෙරෙමින් පවතී.
අද උදෑසන උසාවියට භාරවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා දින 20කට පෙර නියෝග කර තිබුණද, ඊයේ වන තෙක් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොතිබිණි.
මෙම සෝදිසිය සිදුවූයේ ඒ අතරවාරයේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවසා ඇති ආකාරයට,
මෙම පරීක්ෂාවේදී තෙන්නකෝන් මහතාගේ නිවසින් විශාල ප්‍රමාණයක මත්පැන් බෝතල් සොයාගෙන ඇත. සමහර මාධ්‍ය වාර්තා අනුව, විදේශීය විස්කි බෝතල් 120ක් සොයාගත් බව සඳහන් වන අතර, වෙනත් වාර්තා අනුව, දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 795ක් සොයාගෙන ඇති බව ද කියැවේ.
මීට අමතරව, පරීක්ෂාවේදී තෙන්නකෝන් මහතාගේ නිල ගිනි අවිය ද සොයාගෙන ඇති බව ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වේ. මෙම සොයාගත් සියලු ද්‍රව්‍ය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අතුරුගිරිය පොලිසියට භාර දී ඇති බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
පොලිස්පති තෙන්නකෝන් මහතාගේ බිරිඳ අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සෝදිසි වරෙන්තුවක් නොමැතිව තම නිවස පරීක්ෂා කිරීම පිළිබඳවයි.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව, පොලිසියට ඕනෑම පුද්ගලයෙකුගේ නිවාසයක් පරීක්ෂා කිරීමට පෙර, අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුවක් තිබිය යුතුය. එමෙන්ම, එවැනි වරෙන්තුවක් නොමැතිව පරීක්ෂාවක් සිදු කිරීම සඳහා විශේෂ අවස්ථා සහ නීතිමය හේතු සාධක තිබිය යුතුය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය දැනට විමර්ශන ආරම්භ කර ඇති අතර, පරීක්ෂාව සිදු කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීම් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.
රටම බලා සිටියදී නීතියට අවනත නොවී සැඟවී සිටි පොලිස්පතිවරයා සැඟව සිටි තැන් නොපවසා නීතියට පටහැණිව ඔහු ආරක්ෂා කරමින් සිටි බිරිය උමයංගනී මෙවර තමන් වෙනුවෙන් නීතියේ සාධාරණත්වය ඉල්ලා තිබීම විශේෂිත කරුණකි.
Comments
Post a Comment
Your comment will be visible after approval