
නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලීගේ සම් ආලේපන හා රූපලාවන්‍ය උපකරණ බෙදා හැරීමේ ව්‍යාපාර කටයුතුවලට අගතියක් වන අයුරින් විමර්ශන මෙහෙයවන්නේ ද යන්න පිළිබඳ ලබන 21 දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණුු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් අද (07) නියෝග කළේය.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කෙරුණේ මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවය.
පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායිකාවගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිලදී ගනු ලබන ගනුදෙනුකරුවන් කැඳවා නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදු කිරීම හේතුවෙන් ව්‍යාපාර කටයුතුවලට බාධා පැමිණ ඇති බවයි.
මේ තුළින් තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවී ඇති බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය. අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සිය සේවා දායිකාවට සිදුවන අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීම් සිදු කරන බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වර්තමානයේ පියුමි හංසමාලි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයකට භාජනය වී සිටින අතර, නීති විරෝධී ලෙස වත්කම් හා දේපළ අත්පත් කරගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයකට මුහුණ දෙමින් සිටී. මීට අදාළව ඇයගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පියුමි හංසමාලි විසින් මෑතකදී අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනුකර තිබුණි.
එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වන පියුමි හංසමාලි මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට පොලිසිය විසින් අභියාචනාධිකරණය හමුවේ දැනුම් දීමක් සිදුකර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ මෝසම සම්බන්ධයෙන් ලබන 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval