
වසර 70කට ආසන්න කාලයක් පෙර නත්තල් සැරසිලි සඳහා ගස්කොළන් සොයමින් සිටියදී අතුරුදහන් වූ ඔරගන් පවුලකට අයත් යැයි සැකෙන ස්ටේෂන් වැගන් රථයක් ඇමරිකාවේ නිව්යොර්ක්හි කොලොම්බියා ගඟෙන් සොයාගෙන තිබේ.
මෙම පවුල අතුරුදන්වීම ඒ කාලයේ කම්පිත පුවතක් වූ අතර කිසිදු තොරතුරක් නැතිවීම නිසා සිද්ධවූ දේ අභිරහසක් ලෙස පැවතිණි.
මාටින් පවුල සොයා ගැනීමේ මෙහෙයුම එවකට ජාතික ප්‍රවෘත්තියක් වූ අතර, ඔවුන්ගේ ඉරණම පිළිබඳ තොරතුරු සඳහා ඩොලර් 1,000ක ත්‍යාගයක් පිරිනමන බවද ප්‍රකාශ කරන ලදී. සමහරු මෙම සිද්ධිය පිටුපස අපරාධකාරී ක්‍රියාවක් සිදුවී ඇතැයි අනුමාන කළහ.
කෙන් සහ බාබරා මාටින්ට අයත් යැයි සිතන ස්ටේෂන් වැගන් රථය ආචර් මේයෝ නම් කිමිදුම්කරුවෙකු විසින් පසුගිය වසරේ සොයාගැනීමත් සමග වසර 70ක් තිස්සේ පැවති අභිරහස පිලිබඳ කරුනු අනාවරණය විය. කෙසේ වෙතත් මෙම රථය ගොඩගැනීම තරමක දුෂ්කර කාර්යයක්වූ නිසා ගොඩගැනීමට පසු ලැබිය හැකි රථයේ සාක්ෂි තවම නොවිසඳී පවතී.මෝටර් රථය ඉවත් කිරීම සඳහා ඊයේ (6) බලධාරීන් උත්සාහ කළද අපහසුවූ අතර අනතුරුව දිනකට කල්දමා ඇත.
ස්ථානය නිශ්චිතව හඳුනාගෙන විපරම් කරද්දී කිහිප වතාවක් කිමිදුමෙන් පසු රථය උඩුකුරු වී අඩි 50ක් (මීටර් 15ක්) පමණ ගැඹුරක, මඩ, සැල්මන් මත්ස්‍ය අවශේෂ, පස් සහ සිප්පි කටු වලින් වැසී තිබී සොයාගත් බව බදාදා මෙම සොයාගැනීම ප්‍රකාශයට පත් කළ කොස්ටෙලෝ, ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසීය.
"වසර 66ක් තිස්සේ පෝට්ලන්ඩ් වැසියන්ගේ සිත් තුළ රැඳී තිබූ නඩුවක වැදගත් සංවර්ධනයක් මෙයයි," යැයි කොස්ටෙලෝ ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පැවසීය.
ස්ටේෂන් වැගන් රථය ගඟෙන් ඉවතට ගැනීමට පෙර ඉවත් කළ යුතු අනෙකුත් මෝටර් රථ කිහිපයක්ද ස්ථානය අසලින් සොයාගත් බව කොස්ටෙලෝ පැවසීය.
ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා අනුව, මාටින් පවුල 1958 දෙසැම්බර් 7 වන දින නත්තල් සැරසිලි සඳහා ගස්කොළන් එකතු කිරීමට තම දියණියන් වන බාබරා (14), වර්ජිනියා (13) සහ සූ (11) සමඟ කඳුකරයට ගොස් ඇත. ඔවුන් කිසි විටෙකත් ආපසු පැමිණියේ නැත. කෙන් මාටින් විසින් පෝට්ලන්ඩ් නගරයෙන් සැතපුම් 40ක් (කිලෝමීටර් 64ක්) පමණ නැගෙනහිරින් පිහිටි කොලොම්බියා ගඟ ආසන්නයේ පිහිටි කැස්කේඩ් ලොක්ස් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන මිලදී ගැනීමට ණයපතක් භාවිතා කර ඇති බව දැනගැනීමෙන් පසු නිලධාරීන් පවුල සොයා ගැනීමේ මෙහෙයුම ඒ වෙත යොමු කළහ.
"පොලිසිය අනුමාන කර ඇත්තේ මාටින්ගේ රතු සහ සුදු පැහැති ස්ටේෂන් වැගන් රථය හුදකලා කඳුවැටියකට හෝ ගඟකට ඇද වැටී ඇති බවයි," යැයි ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේය. "ණයපත් ගනුදෙනුව පවුලේ අතුරුදන්වීමට පෙර ලැබී ඇති එකම සාක්ෂිය විය."
ඔවුන් අතුරුදහන් වී මාස පහකට පසු, බාලම දියණියගේ මෘත දේහය "කොලොම්බියා ගඟ අසල පාවෙමින්" තිබී සොයාගත් බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේය.
ඊළඟ දිනයේදී වර්ජිනියා මාටින්ගේ සිරුර ඇගේ සොයුරියගේ සිරුර සොයාගත් ස්ථානයේ සිට සැතපුම් 25ක් (කිලෝමීටර් 40ක්) පමණ ඉහළ ගංගා ධාරාවේ සොයාගන්නා ලදී. අනෙකුත් පවුලේ සාමාජිකයන් කිසි විටෙකත් සොයාගත නොහැකි වුවද, සෙවීමේ මෙහෙයුම දිගටම පැවතුණි.
මාටින් පවුලට 28 හැවිරිදි දෙන් නම් පුත්‍රයෙක් සිටි අතර, ඔහු එවකට නිව්යෝර්ක් හි කොලම්බියා විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු සහ මැරීන් හමුදා සාමාජිකයෙකු විය. ඔහු ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ තම පවුලම සිද්ධියෙන් මිය ගොස් ඇතැයි විශ්වාස කළ බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval