
මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල කිසියම් සාර්ථක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති බව ඒ සම්බන්ධයෙන් විශන සිදුකරන පොලිස් කණ්ඩායම් කියති.මේ සම්බන්ධයෙන් ඊයේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 7කි,ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ හිටපු යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුද වේ. සිද්ධියෙන් ඝාතනය වන්නේ මිද්දෙණියේ අරුණ ප්‍රියන්ත හෙවත් කජ්ජා සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනායි. විද්දෙණීය, වීරකැටිය, තංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝ කජ්ජා කවුදැයි හොඳින් දැන සිටියහ. මුදලට සුදු සෙන්නුම් කිරීම ඔහුගේ එකම ආදායම් මාර්ග විය.
එමෙන්ම බුරු පිටිවලට කඩාවැදී එහි සිටි පිරිස් භීතියට පත්කොට මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබුණේය. ටී. 56 ගිනි අවියක් බැලපත්‍රයක් නොමැතිව ළග තබා ගැනීම ඇතුළු අනවසර ගිනි අවි සන්තකයේ තබා ගැනීම් සම්බන්ධයෙන් නඩු කිහිපයක්ද ඔහුට එරෙහිව අධිකරණවල විභාග වෙමින් ඇත.කෙසේ වෙතත් කිසියම් පාර්ශ්වයක් විසින් ජීවිත තර්ජන එල්ල වීම නිසා ඔහු කලක් සැඟව ජීවත්ව ඇති බවද කියැවේ.
ඉකුත් 18 වැනිදා රාත්‍රියේදී සිය දරුවන් තිදෙනාද යතුරුපැදියට නංවාගෙන දණිය, තෝරකොළයාය ප්‍රදේශයට ගොස් ඇත්තේ රාත්‍රි ආහාරය ගැනීම සදහාය. දරුවන් සිට ඇත්තේ සූර්යගේ ජීවගේ නිවෙසේය.
ඔහුගේ බිරිය සිටියේ විදේශගතව බව කියයි.මෙහිදී දරුවන් පියාට පවසා ඇත්තේ රෑට කොත්තු කමු යනුවෙනි. ඔහු දරුවන්ද සමඟ නිවෙස ආසන්නයේ පිහිටි හෝටලයකට ගොස් කොත්තු රොටිද ඇතුවුලිකර වැඩිමහල් දරුවා එහි හෝටලය අසල නතරකොට සෙසු දරු දෙදෙනාද සමඟ 5 යතුරුපැදියෙන්ම තවත් වෙළෙඳසලකට් ගියේ යෝගට් කිහිපයක් මිලදී ගන්නටය. නාඳුනන තුවක්කුකරුවන් කජ්ජා
ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්නේ ඒ අතරය.වෙඩි ප්‍රහාරයත් සමඟ කජ්ජාට සිය යතුරුපැදිය පාලනය කරගත නොහැකි විය. ඔහු දරුවන්ද සමඟ මාර්ගයේම ඇද වැටිණි. දරු දෙදෙනාටද වෙඩි වැදී තිබිණි. වෙඩි ශබ්දයත් සමඟ ඒ අවට පිරිස් වහා " දරු දෙදෙනා රෝහල් කරා රැගෙන යෑමට පියවර ගත්හ. ඒ වන විටත් කජ්ජා සිටියේ මිය ගොසින්ය. රෝහභෝගත කිරීමින් අනතුරුව දරු දෙදෙනාද පියා ගිය ලෝකයටම ගියහ. සිද්ධියෙන් මියගොස් තිබුණේ වීරකැටිය ,මීගස්දාර, කුඩාබිබුලු ප්‍රදේශයේ පදිංචි අරුශ්ය ප්‍රියන්ත හෙවත් මිද්දෙණිය කජ්ජා සහ ඔහුගේ 6 හැවිරිදි දියණිය අහස්යාත්, 9 හැවිරිදි උදේශ් පුතාත්ය. අහස්යා දියණිය මැදමුලන ඩී.ඒ. රාප්පක්ෂ ප්‍රාර්ථික විද්‍යාලයේ සිප්සතර හැදෑරූ අතර පුතු උදේශ් මුද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුම ලැබුවේය.
කජ්ජාගේ සහ දරු දෙදෙනාගේ ඝාතන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේ මිද්දෙණිය පොලිසිය විසින්ය. ඊට අමතරව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයද ඊට එක්විය. විමර්ශනය පැති කිහිපයක් ඔස්සේ සිදුවිය. විමර්ශන නිලධාරීන්ට සැකය දනවන සිදුවීම් කිහිපයක්ද ඒ අතර විය. ඉන් ප්‍රධානතම සිදුවීම වූයේ කජ්ජා මැර් වැටී සිටි ස්ථානයේ අත්විලංගු දෙකක් තිබී විමර්ශන නිලධාරීන්ට හමුවීමය. එය නිලධාරීන්ට දැඩි ගැටලුවක් ගෙන දුන්නේය.
කජ්ජාගේ සිරුර අසල මාංචු කුට්ටමක් තිබීම විමර්ශන නොමඟ යැවීමට කළ දෙයක්ද යන්නද නිලධාර්න්ගේ තවත් සැකයක් වූයේය.
ඒ නිසා කජ්ජා මැරුම් කෑ පසු කිසිවකු එම ස්ථානයට එම මාංචු කුට්ටම දැමුවේද යන්නද ඇතිවූ සැකයන් අතර විය. විමර්ශන නිලධාර්න් මාංචු හඳුනා ගැනීමට පියවර ගත්තේ ඒ නිසාය. සොයාගත් මාංචු කුට්ටම් ඔස්සේ ඇරැඹූ විමර්ශනයෙන් පසු විමර්ශන නිලධාර්න් තංගල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තේය. විමර්ශන නිලධාරියකු පැවැසුවේ කජ්ජාට එම මාංචු කුට්ටම ලබාදීම සම්බන්ධයෙන් එම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බවය. වීරකැටිය, කැප්පෙටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් එම කොස්තාපල්වරයා 35 හැවිරිදි වියේ පසුවිය. කොස්තාපල්වරයා සමඟ තවත් දෙදෙනකුද අත්අඩංගුවට ගැනිණි. ඒ කජ්ජා ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මතය.
විමර්ශන නිලධාරීන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු කජ්ජාට සහ දරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනකුද අත්අඩංගුවට ගැනීමට හැකිවිය.37 හැවිරිදි සහ 39 වයස්වල පදිංචි මොවුන් වලස්මුල්ල හා වීරකැටිය ප්‍රදේශවල පදිංචිකරුවෝය. එමෙන්ම මොවුන් දෙදෙනා හිටපු හමුදා සෙබළුන් වීම විශේෂත්වයකි. මොවුන් යුද හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යනුකූලව යුද හමුදාවෙන් ඉවත්වූ අයවලුන්ය. පොලිසිය ඔවුන්ද රඳවාගෙන ප්‍රශ්න කරන්නට වූ අතර ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු මිද්දෙණිය කජ්ජාගේ ඝාතනයේ වැදගත් තොරතුරු රැසක්ද එමඟින් අනාවරණය කරගත හැකිවිය.
සැකකරුවන්ගේ ප්‍රශ්න කිරි ම් මත අවසන් වරට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයාද පොලිස් කොස්තාපල්වරයෙකි. මිද්දෙණිය පොලිසියේ කණ්ඩායමක් විසින් මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණේ වීරකැටිය ප්‍රදේශයේදීය.36 හැවිරිදි ඔහු ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වීරකැටිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළේය.පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. ඒ අනුව හෙළිවන්නේ කජ්ජා ඇතුළු දරුවන් දෙදෙනා ප්‍රා වෙඩි තබා ඝාතනය කිරීම 3. සදහා සැකකරුවන්ට ටී. පනස් හය පතරොම් 12ක් ලබාදී ඇත්තේ මෙම කොස්තාපල්වරයා බවය.විමර්ශන නිලධාරීන් පවසන්නේ කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
(කීර්ති මෙන්ඩිස්)
Comments
Post a Comment
Your comment will be visible after approval