
අලුත්කඩේ අධිකරණයේදී සිදු වූ ප්‍රසිද්ධ පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නම් තරුණිය සොයා විමර්ශන නිලධාරීන් විසින් ස්ථාන 200කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කළද, ඇය පිළිබඳව කිසිදු සාධනීය තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
විමර්ශන නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව, සැකකාරිය මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් ඇති බවට දැඩි සැකයක් පවතී. ඉෂාරා සෙව්වන්දි සිය ජංගම දුරකථන භාවිතය නතර කර ඇති බැවින්, ඇයගේ ගමන් මාර්ගය හෝ වත්මන් පිහිටීම ගැන කිසිදු හෝඩුවාවක් නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිස් විමර්ශන වාර්තා අනුව, ගණේමුල්ලේ සංජීව ඝාතනයෙන් දින දෙකකට පසු ඉෂාරා කළුතර ප්‍රදේශයේ රන් ආභරණ අලෙවිසලකට ගොස් රුපියල් ලක්ෂ 5ක පමණ වටිනාකමකින් යුත් ආභරණ ලබාගෙන ඇත. එතැන් සිට ඇය පිළිබඳව වැදගත් තොරතුරක් ලැබී නොමැත.
දැනට පවත්නා සාක්ෂි මත පදනම්ව, විමර්ශන නිලධාරීන් විශ්වාස කරන්නේ සැකකාරිය දකුණු පළාතේ මුහුදු තීරය ඔස්සේ බෝට්ටුවකින් රටින් පලා යෑමට උත්සාහ කර ඇති බවයි. මෙම ප්‍රසිද්ධ ඝාතන නඩුව පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval