
ඊයේ (9) දිවයින පුරා විදුලිය ඇණහිටීමට පානදුර ප්‍රදේශයේ වඳුරෙකු බලපෑ ආකාරය ගැන අද දින ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ විශේෂ පුවත් පළවී තිබේ. මෙය අසාමාන්‍ය හා හාස්‍යජනක සිදුවීමක් ලෙස එම වාර්තා බොහොමයක විස්තර කර තිබේ.
ප්‍රධාන ධාරාවේ ඒඑෆ්පී පුවත් සේවය මෙම පුවත සංසරණය කිරීම හේතුවෙන් ලොව පුරා විවිධ පුවත්පත්වල සිරස්තල අතරට ශ්‍රී ලංකාවේ වඳුරා විදුලිය ඇණහිට්ටවීම ගැන මාතෘකාව එකතු විය.
මේ සමග පළවන්නේ ඉන්දීය නිවුස්18, පිලිපීන ඩෙිලි ට්‍රිබියුන්, ඉන්දීය ෆ්‍රීප්‍රෙස් ජර්නල්, නයිජීරියානු ඩේලි ට්‍රස්ට් ඇතුළු පුවත්පත් මෙම පුවත වාර්තා කළ ආකාරයයි.

Comments
Post a Comment
Your comment will be visible after approval