the-police-did-not-conduct-any-checks-because-they-came-as-lawyers

අද (19) දින සිදුවූ ගනේමුුල්ල සංජිවගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැත්වූ මාධ්‍ය හමුවේදී කරුණු රැසක් අනාවරණය විය.
එහිදී එහු කළ විස්තරය සහ මාධ්‍ය අසන ලද ප්‍රශ්නවලට දුන් පිලිතුරු මෙසේය.




" අද දින උදෑසන දහයට පමණ අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තා වුණා. මෙම වෙඩි තැබීමේ සිදුවීම මගින් ගනේමුල්ලේ සංජීව එහෙමත් නැත්නම් සංජීව කුමාර සමරරත්න නැමැති අපරාධකරු රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය යාමක් සිද්ධ වුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට කණ්ඩායම් පහක් මගින් සිදුකරන ප්‍රධාන වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරන අතර ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සහාය ලබාදීමක් සිද්ධ කරනවා.

මෙහිදී මෙම වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරු සැරසී සිටියේ නීතිඥවරයෙක් ආකාරයෙන්. ඒ අනුව ඔහු පරීක්ෂාවකින් තොරව එහෙම නැත්නම් පරීක්ෂාවකට භාජනය නොවී අධිකරණය තුළට පැමිණියා. එමෙන්ම ඔහු සඳහා සහාය දක්වන ලද තවත් කාන්තාවකුත් ඒ ආකාරයෙන්ම නීතිඥවරියක් ලෙස සැරසී තමයි අධිකරණ භූමියට පැමිණියේ.

මෙහිදී නීතීඥවරුන් ලෙස මේ දෙන්නා ඇතුළුවීම සිද්ධ වෙලා තිබෙන්නේ පරීක්ෂාව අඩු තැනින්, එහෙම නැත්නම් ගරු විනිශ්චයකාරතුමන්ලා සහ නීතිඥවරු කියන දෙදෙනාගේ ශරීර පරීක්ෂාවක් සිදු නොවෙන තැනින් තමයි මෙම සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ.

කෙසේ වුවත් ඉදිරියේදී මෙවැනි සිදුවීමක් වැළැක්වීමට, කටයුතු යොදනවා.මීට අමතරව අධිකරණය තුළ සාමාන්‍ය යම් ස්ථානයක පොලිස් නිලධාරීන් රැඳී ඉන්නවා. ඒ අනුව ඉදිරියේදී අපි පොලිස්පතිතුමාගේ අවධානයට ලක් වුණා. පොලිස් නිලධාරියෙක් වශයෙන් වෙනත් කෙනෙක් එක්ක සැරසිලා ඉන්න පුළුවන් කෙනෙක්. එනිසා පොලිස්පතිතුමා අද දිනයේම ඒ සඳහා උපදෙස් නිකුත් කළා.

සියලුම නිලධාරීන් හඳුනාගෙන, විශේෂයෙන් දැන් වෙනත් අධිකරණයකට වැඩිය කොළඹ අලුත්කඩේ අධිකරණය කියන්නේ නීතිඥවරු ගණනාවක් ලංකාව පුරා සැම තැනින්ම පැමිණෙන තැනක්. යම්කිසි වෙනත් ස්ථානයක, අපි උදාහරණයක් ලෙස අත්තනගල්ල හෝ වෙනත් ස්ථානයක් ගත්තොත් එතැනදී පැමිණි නීතිඥවරු සංඛ්‍යාව සියලුදෙනා පුද්ගලිකව හඳුනා ගැනීමට හැකියි. නමුත් කොළඹදී එවැනි හඳුනා ගැනීමක් කිරීමට ඉතා අපහසුයි.

කෙසේ වුවත් මෙහිදී වෙච්ච මේ හඳුනා ගැනීම, මේ ශරීර පරීක්ෂා නොවීමේ කාරණය ඉදිරියේදී අපි නිසි ආකාරයෙන් සිද්ධ කරන්න, ඒ අවශ්‍ය කරන අංශ සමග සාකච්ඡා කරලා ඊට අවශ්‍ය කරන කටයුතු සිදු කරනවා. ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම බලාපොරොත්තු වෙනවා.


අධිකරණය තුළදී මෙම සංජීව කුමාර සමරරත්න නැමති චූදිතයා විත්ති කුඩුවේ සිටින අවස්ථාවේදී විත්ති කූඩුවෙන් බැස්සීමට ආසන්න වීමේ දී මෙම වෙඩික්කරු විසින් ඔහුගේ ආසන්නයට ගොස් වෙඩි තැබීමක් සිද්ධ කරලා තියෙනවා. ඉන් අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසු මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා.

එමෙන්ම මේ සම්බන්ධ විමර්ශන සිදු කිරීමේදී දැනට පෙනී යනවා මොවුන් විසින් නීතිඥවරුන් විසින් භාවිතා කරනු ලබන අපරාධ නඩු විධාන සංග්‍රහය නැමැති විශාල පොතක් තුළ, පොතේ පිටු ඇතුළෙන්ම රිවෝල්වරය තැන්පත් කළ හැකි ආකාරයට පොත තුළ යම්කිසි හැඩයකට පිටු කපලා, ඒ තුළ තමයි රිවෝල්වර් අවිය සඟවාගෙන අධිකරණය තුළට පැමිණ තිබෙන්නේ.

පළමුව මෙම වෙඩික්කරු හිස් අතින් පැමිණ ඉන් අනතුරුව එම කාන්තාව විසින් මෙම පිස්තෝලය ඔහු වෙත ලබා දුන් බවටයි දැනට තිබෙන විමර්ශන වලින් පෙනී යන්නේ. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් මෙම විමර්ශන, මෙම අපරාධය පිටුපස සැලසුම් කිරීම, මෙම අපරාධයට වෙඩික්කරු වශයෙන් සහභාගී වූ පුද්ගලයින් කවුද කියන කරුණු සම්බන්ධයෙන් දැනට පොලිසිය විමර්ශන කටයුතු කරමින් පවතිනවා.

ඒ අනුව ඉදිරියේදී මෙම අපරාධය සම්බන්ධයෙන් භාවිතා වුණු ගිනි අවි ඒ වගේම ඒ සඳහා සහභාගි වූ අපරාධකරුවන්, වෙඩික්කරුවන් සහ ආධාර අනුබල දුන් කුමන්ත්‍රණය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ලැබේ.




ප්‍රශ්නය: ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රට හෑල්ලුවට පත්වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෝ එස්ටීඑෆ් එක මොකද කළේ? මොකද සාමාන්‍ය අධිකරණයක් තුළ තුන් ගොල්ලම ඉන්න පුද්ගලයා වෙඩි තියන්න කලින් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබුණේ නැත්තේ? මේ පුද්ගලයා දරුණු පාතාල නායකයෙක් කියලා පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා. එවැනි පුද්ගලයෙක් අධිකරණයට රැගෙන එන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය ආරක්ෂා වෙලා නෑ වගේ නම්, එතැන්දි අපිට පෙන්නුම් කරනවාද ඔබතුමාට පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් අධිකරණවල රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට නියෝග ලබා දීලා තියෙනවාද නීතිඥවරුන් පරීක්ෂා කරන්න එපා කියලා?

පිළිතුර: ඔව්, මෙහිදී මෙම පුද්ගලයා අද උදෑසන ගාල්ල ප්‍රදේශයේ සිට, ගාල්ල බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයේ තමයි මෙම අධිකරණයට රැගෙන ඒම සිද්ධ කළේ. ඒ වගේම මෙහිදී බන්ධනාගාර නිලධාරීන් වගේම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දොළොස් දෙනෙක් මෙම පුද්ගලයා සඳහා ආරක්ෂාව සඳහා පැමිණ තිබෙනවා.

විශේෂයෙන් මම කිව යුතුයි, මෙය අපරාධ චෝදනා ලබපු පුද්ගලයෙක් සඳහා ආරක්ෂාව ලබා දීමක් නෙවෙයි. ඇත්තටම කුමන තරාතිරමක පුද්ගලයෙක් වුණත් ඔහුට එරෙහිව යම්කිසි ආකාරයකින් නීත්‍යානුකූල ක්‍රමයකින් තොරව ඔහු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගිනි අවියක් හෝ රට තුළ වෙඩි තබා ගැනීමේ සිදුවීමක් වාර්තා වෙනවා නම් එය වළක්වා ගැනීමයි පොලිසිය වශයෙන් අපගේ කාර්යභාරය වන්නේ. ඒ සඳහා තමයි මෙම ආරක්ෂාව සපයලා තිබෙන්නේ.

එතකොට ඔහුට නීත්‍යානුකූල ක්‍රමවේදයකින් තමයි දඬුවම් කළ යුත්තේ. ඒ සඳහා තමයි අපි ඔහුට ආරක්ෂාව සපයලා, වෙනත් පාර්ශවයක් විසින් වෙඩි තබා ගැනීමේ සිදුවීමක් වළක්වා ගන්න මූලික උපක්‍රම අරගෙන තියෙන්නේ.

ඉන් අනතුරුව අධිකරණ භූමිය තුළදී ඒ වගේම අධිකරණ භූමියෙන් පිටත, අධිකරණ ශාලාව තුළ නොව අධිකරණ භූමිය තුළත් විශේෂ කාර්ය බළකා නිලධාරීන් රැඳී සිටියා. ඒ වගේම නමුත් අධිකරණ ශාලාව තුළ ගිනි අවි රැගෙන කිසිවෙකු රැඳී සිටින්නේ නැහැ.

ඒ වගේම ඔබ කිව්වා වගේ අධිකරණ කටයුතු සඳහා සහභාගී වන ගරු විනිශ්චයකාරතුමන්ලා ඒ වගේම නීතිඥවරු කියන මේ කණ්ඩායම් දෙක පරීක්ෂා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන්ගේ ශරීර පරීක්ෂාවක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ තියෙන අවස්ථාවෙන් තමයි ප්‍රයෝජන අරගෙන තියෙන්නේ.

නමුත් කෙසේ වුනත් අපි ඉදිරියේදී නීතිඥ සංගමය සහ අධිකරණ සේවා කොමිෂන් සභාව මේ සියලු දෙනා සමඟ සාකච්ඡා කරලා බලලා, මෙම කණ්ඩායම් පවා පරීක්ෂා කිරීමට අවශ්‍ය කරන මූලික කටයුතු සිද්ධ කරනවා.

ප්‍රශ්නය: ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කවුරුත් කිසිම ප්‍රකාශයක් කරලා නෑනේ. පොලිස් දෙපාර්තමේන්තුව කරන්නෙත් නෑ. පරීක්ෂණ පවත්වනවා කියනවා. රජයේ වගකීම ගන්නෙත් නෑ නේ. අපි වගේ ස්වාධීන පුද්ගලයෙකු අධිකරණ භූමිය තව කොහෙ හරි යනකොට වෙඩි තියලා මරලා දානවා නේ. එතකොට කියයි පරීක්ෂණ පැවැත්වෙනවා එච්චරයි.

පිළිතුර: ඔබ ප්‍රකාශ කරනවා ඔබ වගේ සිවිල් පුද්ගලයෙක් යනකොට වෙඩි තබනවා කියලා. නමුත් මෙම ඝාතන සියල්ල ද ඉතාම පැහැදිලිව විශ්ලේෂණය කර පුද්ගලයෙක්ට පේනවා. මේ සියල්ල පසුපස මත්ද්‍රව්‍ය ජාවාරම සහ එම අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අතර මෙම කණ්ඩායම් අතර මෙම ගැටුම සිද්ධවුණා කියන කරුණ. මෙම අපරාධ විශ්ලේෂණය කරපු පුද්ගලයන්ට මේක පැහැදිලියි. එතැනදී ඒ හැර සිවිල් පුද්ගලයා ඉලක්ක කරගෙන සිද්ධ වුණේ නෑ.

නමුත් යම් යම් අවස්ථාවල සිවිල් පුද්ගලයන්ටත් හානි පැමිණුණා. නමුත් ඉලක්කය වුණේ ඔවුන් නෙවෙයි. කෙසේ වුවත් මෙම සියලු සිදුවීම් වළක්වා ගැනීම අපගේ යුතුකම. ඒ නිසා ඔබ කියන ආකාරයෙන් සිවිල් පුද්ගලයෙක් ඉලක්ක කර හෙට දින අධිකරණයට යෑමේ දී ඔබගේ ආරක්ෂාවට හානියක් වීමේ තර්ජනයක් නෑ.



කෙසේ වුවත් මෙම සියලු සිදුවීම් වළක්වා ගැනීම පොලිසියේ පරම යුතුකම. එය අපි, ඒ වගකීම අපි භාර ගන්නවා යනු අපේ අවශ්‍ය කරන ඉදිරි ක්‍රියාමාර්ග සහ අපගේ සිදුවී ඇති වෙනස්කම්. ඒ සියල්ල ඉදිරියේදී ආරක්ෂාව වෙනස්කම් ඒ සියල්ල ඉදිරියේදී සිදුකරනවා.

ප්‍රශ්නය:  බුද්ධි අංශ ක්‍රියාත්මක නොවුණාද කියන එකත් අනිත් කාරණය. අර  උසාවියට යන් නැතුව දැන් අලුත් වැඩපිළිවෙළක් තියෙනවා නේ. ඔන්ලයින් ක්‍රමයට එම මගින් අදාල කටයුතු කරගන්න එකක් ඒ වගේ එකකුත් වුණේ නැද්ද මෙතැනදී.  ඊළගට පසුගිය කාලයේ මේ ප්‍රදේශයේ මේ නිලධාරීන් රැසක් මාරු කරලා එවලා තිබුණා. උතුරු කොළඹට.මේ ගැන සැකයක් තියනවා?


පිලිතුර - ඔබ මුලින්ම ප්‍රශ්න කළා බුද්ධි අංශ මගින් ඉන්න මෙවැනි අපරාධකරුවෙක් සම්බන්ධයෙන් ක්‍රියාකරන විදිය. බුද්ධි අංශ මඟින් තොරතුරු සොයා ගැනීමක් කරනවා. රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එස්ටීඑෆ් හා යුද හමුදා සියලු බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා කරන අතර මේ සම්බන්ධයෙනුත්, මෙම පුද්ගලයා සම්බන්ධයෙනුත් යම්කිසි මොහුට විරුද්ධව යම් අපරාධයක් සිදු වෙන්න පුළුවන්ද කියන ගැන බුද්ධි අංශ දිගින් දිගටම ක්‍රියාකාරීව සිටිනවා.

ඒ වගේම දෙවැනි කරුණ වශයෙන් ඔබ සඳහන් කළා අපිට හැකියාව තිබුණා කියලා මොහු මෙම ස්ථානයට කැඳවන්නේ නැතුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ කරන්න. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන මෙරට සකස් වෙලා තිබෙන නමුත් යම් යම් අවස්ථාවලදී ගරු අධිකරණය විසින් ඒ තිබෙන තත්ත්ව සලකා බලා එම පුද්ගලයා ස්කයිප් තාක්ෂණය හරහා හෝ එසේත් නැත්නම් පුද්ගලිකවම අධිකරණයේ පෙනී සිටීම කියන කරුණ ගරු අධිකරණය විසින් ඉදිරිපත් කරනවා.

ඒ අනුව අද දින සිදුවීමේදී ඒ වගේම ඔහුට එරෙහිව එන්.එස්. එහෙම නැත්නම් ලඝු නොවන පරීක්ෂණයකුත් අද පැවැත්වෙන්න තිබ්බා. සාක්ෂි කැඳවීමක් තිබුණා. ඒ සියලු කරුණු සලකා බලා අද දිනයේ ඔහුව පුද්ගලිකව ගරු අධිකරණය හමුවට කැඳවීමක් කර තමයි අද දවස නිම වෙලා තිබුණේ.


ප්‍රශ්නය -  විදෙස් ගතව සිටි සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්නවා කියලා. අධිකරණයට ගේනවා, මගදී වෙඩි කනවා, ආයුධ පෙන්නන්න යනවා, වෙඩි කනවා මදුෂ්. මොකද වුණේ?
කැරලිකාර කණ්ඩායම් දෙකක් අතර සටන් ඇති කරගෙන මැරෙනවා. මේ වගේ පුද්ගලයෙකු යහතින් යන්න නඩුව ඉවර වෙනකන් මොකක් හරි මෙතන ගැටලුවක් තියෙනවා. සාමාන්‍ය, අපි හිතමු පොලිස් රඳවාගැනීම් නියෝග යටතේ ඉන්න පුද්ගලයෙක් නම් මහේස්ත්‍රාත්වරයාට මසකට සැරයක් ඉදිරිපත් කළ යුතුයි. මේ පුද්ගලයා ජීවමානව ඉන්නවාද, අතපය කඩලා හොඳින් ඉන්නවාද කියලා බලාගන්න.
ඉතින් මේ වගේ හොඳට ඉන්න පුද්ගලයෝ හොඳටම දන්නවා තර්ජනයක් තියෙනවා. එවැනි පුද්ගලයෙක් ඇයි මේ තත්ත්වයට පත්වුණේ? ජාතික ආරක්ෂාව සම්බන්ධ මොකක්ද රජයේ සහ පොලිස් දෙපාර්තමේන්තුව ගන්නා වගකීම? අද හෙට ඔබට වෙන්න පුළුවන්, මට වෙන්න පුළුවන්.?


පිලිතුර -
ඔව්. යම් තැනැත්තෙකු මම කලින් කිව්වා වගේ ඔහු අපරාධකරුවෙක්ද, ඔහු සමාජයට කොයි තරම් හානියක් කරලා තියෙනවාද, එසේත් නැත්නම් ඔහු සමාජයට හොඳ පුද්ගලයෙක්ද, සමාජයට හොඳ යහපතක් කළ පුද්ගලයෙක්ද කියන කරුණ නෙවෙයි අතර අදාළ වෙන්නේ. ඔහු සම්බන්ධයෙන් නීතියට අනුකූල නොවන ආකාරයෙන් ඔහු සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් ඒක වළක්වා ගැනීම පොලිසියේ යුතුකම. ඒ සඳහා තමයි ක්‍රියා කළේ.

මොහු සම්බන්ධයෙන් කුමන චෝදනා තිබ්බත් නීතියට අනුකූල නොවන ආකාරයෙන් ඔහුට යම්කිසි, මොහුව ඝාතනය කළොත් නැත්නම් ඔහුට යම් කිසි තර්ජනයක් එල්ල වුණොත් ඒක නීතියේ ආධිපත්‍යය බිඳවැටීමක් වගේ. ඒ සඳහා තමයි මහජනතාවගේ මුදල් වැය කරලා මේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් මේ සියලු ආරක්ෂණ පියවර තිබුණේ.



ඊට පෙර සිදුවූ යම් යම් සිදුවීම්, වෙඩි තබාගැනීම් සිදුවීම් මෙම සිදුවීම සම්බන්ධව සාකච්ඡා කළා. ඔබ කතා කළා. නමුත් ඒ සිදුවීම්වලදී සිදුවූ කරුණු සම්බන්ධව අධිකරණවල මේ වන විටත් යම් යම් මූලික පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා.

ඒ වගේම සමහර සිදුවීම් සම්බන්ධයෙන් මෙරට පරීක්ෂණ අවසන් වෙලා තිබෙනවා, දඬුවම් ලබාදීලා තියෙනවා. ඒ අනුව එහිදී සිදුවුණේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමක්ද කියන කරුණ නිසා ඒ සම්බන්ධයෙන් මට මතයක් ප්‍රකාශ කරන්න හැකියාවක් නෑ. කෙසේ වුවත් ඔබ කියන කරුණට මම එකඟයි.

ඒ අනුව අනිවාර්යෙන්ම කුමන ආකාරයෙන්වත් මේක නීතිය හා සාමය ස්ථාපිත කිරීම කියන කරුණ ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක්. නමුත් අපි ඒ සඳහා ඔබ දකින්න ඇති පසුගිය කාල සීමාව තුළත් අපි අපේ උපරිම හැකියාවෙන් ක්‍රියා කළා.

මෙම සංස්කෘතිය අද ඊයේ ඇති වූ සංස්කෘතියක් නෙවෙයි. ඔබ අපි සියලු දෙනා දන්නවා. මෙය දැනට වසර ගණනාවක, දැනට වසර දහයක පහළොවක ඉඳලම වෙඩි තබා ගැනීම, මෙම අපරාධ කියන කරුණු වාර්තා වුණා සහ විසඳුවා. ඒ වගේම වළක්වා ගත්තා.

ඒ වගේම අපරාධකරුවන් අත්අඩංගුවට ගත්තා. ඒ සියලු ක්‍රියාවලි වුණා. දැන් මේ තියෙන ක්‍රියාවලි, අපි දැනට යන අපේ ක්‍රමානුකූල වැඩපිළිවෙල යටතේ විදෙස් ගතව ඉන්න තැනැත්තන් ගෙන්වාගැනීමෙන් ක්‍රමානුකූලව මේක අපිට අවම කරගන්න හැකියාව ලැබේ. ඒ හැර අපිට ඉතාම කෙටි දිනකින් අපිට මේක ඉවර කර ගැනීමට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. නමුත් කෙසේ වුවත් අපිට ක්‍රමානුකූලව මේක පාලනය කරගන්න හැකියාව තිබේ.

ගැටලුව තමයි අධිකරණ භූමිය කියන්නේ, අධිකරණ භූමිය තුළදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගන්නේ නැහැ. ආරක්ෂාව උපරිම තියෙනවා.

ඒ ගේට්ටුවෙන් ඇතුලට ඇතුල් වුණාට පස්සේ ඒ ආරක්ෂාව රජය සතු, තිබෙන්නේ පොලිස් නිලධාරීන්, එස්ටීඑෆ්, හැමෝම ඉන්න කොට තියෙන කිරීමක් තමයි විත්තිකාරයා කූඩුවට නැග්ගාම ඔහු බහින තුරු මහේස්ත්‍රාත් දෙන නියෝග ඉතා හොඳින් සවන් දීලා ඔහුව, මොකද ඔහුව ඉන් පස්සේ මොකක්ද කරන්නේ කියලා.
ඒ වගේම අර මම නැවත නැවතත් කියන වගේ මෙතන අධිකරණයේ පරීක්ෂාවට ලක් නොවුණු කණ්ඩායම් දෙකයි හිටියේ - විනිශ්චයකාරවරුන්, විනිශ්චයකාරතුමන්ලා සහ නීතිඥවරු. අන්න ඒ සිදුරෙන් තමයි මේ ආවේ.

ඒ නිසා ඉදිරියේදී මෙවැනි සිදුවීමක් සිදුවීම වළක්වා ගැනීම සඳහා අපි අවශ්‍ය කරන පියවර ගන්නවා. විනිශ්චයකාරතුමන්ලා පරීක්ෂා කිරීමක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් නීතිඥවරු සම්බන්ධයෙන් අපි කතා කළා, අපි ඒ අදාළ අංශ සමඟ සාකච්ඡා කරලා ඉදිරියේදී මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.



ප්‍රශ්නය: පොලිසියට මේ වගේ මේ උසාවිය තුළදීම වෙඩිතබා ඝාතනය කරනකොට මේ ගොල්ලන්ව ලංකාවේදී ආරක්ෂිතයි කියලා කියන්න පුළුවන්ද, ශ්‍රී ලංකා පොලීසියට?

පිලිතුර-
පිටරටින් උදර්පණය කළ අපි ලංකාවට ගෙන්න ගත්තට පස්සේ අපි ඔහු සම්බන්ධයෙන් සමහරවිට රඳවා තබා ගැනීමක් මත නැත්නම් අපි කෙලින්ම අධිකරණයට ඉදිරිපත් කිරීමක් හෝ සිද්ධ කරනවා. ඇත්තටම මෙම පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා අපි අරන් තියෙන ක්‍රියාමාර්ග තමයි ඔබට පෙනුනේ. විශේෂ කාර්ය බළකා නිලධාරීන් දොළොස් දෙනෙක්, එතකොට මහජනතාවගේ මුදල් යොදලා විශේෂ කාර්ය බළකා නිලධාරීන් දොළොස් දෙනෙකුගේ ආරක්ෂාව අපි ලබාදීලා තිබුණා.

ඒ අනුව අපිට ගත හැකි, අපි ආරක්ෂාව සම්බන්ධයෙන් අර මම කලිනුත් කීව වගේ නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බාහිරව ඔවුන්ට යම් දඬුවමක් ලැබීම වළක්වා ගැනීම සඳහා, ඔවුන් යම් අපරාධයකට භාජනය වීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

ඉන් පැහැදිලිවම ඒ ක්‍රියාමාර්ග ඉදිරියේදීද ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. අප ඩුබායි, ඉන්දියාව මේ තැන්වලින් අපි තවදුරටත් අපරාධකරුවන් මේ විදිහට අපි ලංකාවට ගෙන ඒම සහ ඔවුන් සම්බන්ධයෙන් නියම නීත්‍යානුකූල ක්‍රමවේද යටතේ ක්‍රියා කිරීම සිදුවනවා. ඔබ කියනවා වගේ වෙඩි තබාගැනීම් සිදුවීම් සිද්ධ වුණා පසුගිය කාලයේ, නමුත් කෙසේ නමුත් ඒ සිදුවීමත් ඉදිරියේදී අපි අවම කරගෙන ඔවුන් සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව උපරිම වශයෙන් ලබාදීලා නීතියට අනුකූලව ඔවුන්ට දඬුවම් කිරීම කියන ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි කැපවී සිටිනවා.

ප්‍රශ්නය: ප්‍රදේශයේ බන්ධනාගාර බස් රථය වට කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරන තත්වයට ඔය වගේ බරපතල සැකකාරයෙක් මරල දැම්මා. එතකොට දැන් මේ වගේ තැනකට ගේනකොට ගෙනල්ලා කූඩුවෙන් බස්සනකොට එයාට විශේෂ ආරක්ෂාවක් අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ. සිද්ධියත් එක්ක බලනකොට එතකොට ඒ විතරක් නෙවෙයි, කූඩුවෙන් එළියට ගන්නේ බන්ධනාගාර නිලධාරියා. ගිලන් බන්ධනාගාර නිලධාරියා ගිනි අවියක් තියෙනවා. එතකොට බන්ධනාගාර නිලධාරියා මේ වෙලාවේ මොනාද කළේ?


පිළිතුර: මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වුණා. දැනට පැය කිහිපයයි ගත වෙලා තිබෙන්නේ. මේ සම්බන්ධ පරීක්ෂණවලදී ඔබ ඔය කිව්ව සියලූම පැති ගැන අවධානය යොමු කරලා පරීක්ෂණ සිද්ධ වෙන්නේ.

ඒ වගේමයි අධිකරණය තුළදීද අධිකරණ ශාලාව තුළදී ගිනි අවි සහිතව, මෙම සිදුවීමේදී ගිනි අවි සහිතව ඒ රාජකාරි යෙදී සිටියේ ගරු විනිශ්චකාරතුමියගේ ආරක්ෂක නිලධාරියා එම නැත්නම් පී.එස්. පමණයි. රජ සිරි ඒක ඇවිල්ලා අධිකරණයක් තුළදී සැකකරුවන් මාංචු දැමීමක්, එවැනි සිද්ධියක් සිද්ධ වෙන්නේ නෑ.

අධිකරණය තුළට ගෙනාවට පස්සේ ඔවුන්ට අධිකරණය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ ඒ අධිකරණය තුළ නීතිය, යුක්තිය ඉෂ්ට කරන ස්ථානයේදී මාංචු දැමීම කෙසේ වත් සිද්ධ වෙන්නේ නෑ. ඒ අනුව නමුත් අධිකරණ භූමියෙන් එළිය, අධිකරණ ශාලාවෙන් එළියේ ආරක්ෂාව සඳහා නිලධාරීන් රැඳී සිටියා.

මම කලිනුත් මුල්ම අවස්ථාවේ මම ප්‍රකාශ කළා. එහිදී සිදුවූ ඔහුගේ එම අවස්ථාවේ එළියට යෑම, වගේම සියලුම නීතිඥවරු සහ සියලු දෙනා මේ අවස්ථාවේ එළියට යෑම සහ අර ඉන්න නිලධාරීන් අනිත් අයගේ ආරක්ෂාව සැපයීමට උත්සාහ කිරීම කියන කරුණක් තමයි මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ වුණේ.

නමුත් මම කලිනුත් ප්‍රකාශ කළ ආකාරයට ඔහු සම්බන්ධයෙන් අපිට මෙවරත් අපි ඔහු කවුද කියන එකත් හඳුනාගෙන තිබෙනවා. ඔහු සම්බන්ධ විමර්ශන අපි සිද්ධ කරන්න, අපිට ඉතා කෙටි කාලයකින් අපිට පුළුවන් වේවි ඔහු නීතිය හමුවට ගෙන එන්න.

ප්‍රශ්නය: අර මේ සැකකරුට අමතරව කාන්තාවක් මේ ගැන කිව්වා. මේ කාන්තාව කවුද කියලා හඳුනාගෙන තියෙනවා. ඊළඟට  ගොඩක් වෙලාවට වගේ කරන්න ඉන්දියාවට පැනලා යන එක, කොහෙන් හරි ගිහින් ඒ තැන්වල ආරක්ෂාව හරියට යනවද බලන්න හරි, මොනවා හරි එහෙම තියෙනවද?

පිළිතුර: ඔව් ඔබ කිව්වා වගේම මේ සඳහා මෙම පුද්ගලයා වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු වගේම ඒ සඳහා සහාය දක්වපු සහ අපි දැනට සැක කරන ආකාරයට මෙම රිවෝල්වරය රැගෙන පැමිණි කාන්තාව දෙන්නාම අපි මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට රටින් පැන යෑම වැළැක්වීම සඳහා මේ වන විටත් අපි ගුවන් තොටුපළ වෙත නිසි පරිදි දැනුම් දීම් සියල්ල සිද්ධ කරලා තියෙන්නේ.

ඔවුන් කවුද කියන කරුණ, ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක්, ඒ සියලු දෙනා හඳුනාගෙන අදාළ කරන විමර්ශන මේ වනවිට ඉතාම සාර්ථකව සිද්ධ කරමින් පවතිනවා. අපිට කෙටි කාලයක් තුළ විමර්ශන අවසන් කරලා මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබේවි.