
මිනුවන්ගොඩ පත්තණ්ඩුවන ප්‍රදේශයේ අද උදෑසන පැය 11.00ට පමණ ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා විසින් නිවේදනය කර ඇත.
වෙඩි වැදීමට ලක්ව ඇත්තේ අවුරුදු 36ක් වයසැති ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර, ඔහු දැනට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසා සිටියේය.
වාර්තා වන ආකාරයට මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසිනි. තුවාල ලැබූ පුද්ගලයා, කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයෙකු බවට සැක කෙරෙන බව ද පොලිසිය විසින් සඳහන් කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සැකකරුවන් හඳුනාගැනීම සඳහා සීසීටීවී දර්ශන සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ එක්රැස් කරමින් පවතී.

Comments
Post a Comment
Your comment will be visible after approval