
01. රිවෝල්වර අවි 02 ක්, පතරොම් හා කඩු 02 ක් සමග සැකකාරියක් අත්අඩංගුවට - හබරාදූව පොලිස් ස්ථානය.
2025.02.22 වන දින රාත්‍රී කාලයේ හබරාදූව පොලිස් වසමේ වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේදී හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂාකර විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්,
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 26 ක් වන වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
02. රාත්‍රී කාලයේ වෙළඳසැලක් බිඳ දේපල සොරකම් කල සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට - නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.
2025.02.17 වන දින රාත්‍රී කාලයේ හංවැල්ල පොලිස් වසමේ වෙළඳසැලක් බිඳ රුපියල් ලක්ෂ 56කට ආසන්න දේපල සොරකම් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හංවැල්ල පොලිසිය හා නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව 2025.02.22 වන දින දහවල් කාලයේ හෝමාගම පොලිස් වසමේ ගොඩගම ප්‍රදේශයේදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර මෙම සොරා ගන්නා ලද දේපල වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු එම දේපල හා වෑන් රථයද සමග අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27, 32 හා 47 යන වයස්වල පසුවන පුත්තලම හා නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අත් අඩංගුවට ගත් දේපල
• ජංගම දුරකතන - 46
• රූපවාහිනී යන්ත්‍ර - 14
• ලැප්ටොප් - 04
• ස්පීකර් - 10
• ග්‍රයින්ඩර් - 02
• බ්ලෙන්ඩර් - 01
• ගෑස් ලිප් - 01
• හිරමන යන්ත්‍ර - 01
හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. අත්අඩංගුවට ගත් දේපල වල ජායාරූපයක් මේ සමග යොමු කරමි.
03. අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු ත්‍රීරෝද රථයක් සමඟ අත්අඩංගුවට - කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.
2025.02.22 වන දින සවස් කාලයේ අපරාධ වැලැක්වීමේ විශේෂ මෙහෙයුම් රාජකාරි යෙදී සිටි කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ලූකස් පාර ප්‍රදේශයේදී සිදුකල පරීක්ෂාවකදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රීරෝද රථයක්ද සමඟ අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 21 හා 34 වයස්වල පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදී මෙම ත්‍රීරෝද රථය 2025.02.20 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී සොරකම් කරන ලද ත්‍රීරෝද රථයක් බවට අනාවරණය වී ඇත. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථයේ ජායාරූපයක් මේ සමග යොමු කරමි.
04. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද සිගරට් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන්තොටුපල ඒකකය.
2025.02.22 වන දින සවස් කාලයේ කටුනායක ගුවන්තොටුපොල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස රැගෙන එන ලද විදේශීය දුම්වැටි 10,000 (කාටුන් 50) ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
05. මනුෂ්‍ය ඝාතනයක් - මහවෙල පොලිස් ස්ථානය.
2025.02.22 වන දින රාත්‍රී කාලයේ මහවෙල පොලිස් වසමේ මිල්ලවාන, ලූල්කඩවත්ත ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 73ක් දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලූල්කඩවත්තේ වාඩියක් තුල මෙම පුද්ගලයා කපා කොටා ඝාතනය කර සිට ඇති අතර ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
06. බදින කඳන් තුවක්වකුවක් පත්තුවී පුද්ගලයෙකු මියයාම - දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසම.
2025.02.22 වන දින සවස් කාලයේ දෙහිඅත්අකණ්ඩිය පොලිස් වසමේ සූරියපොකුණ ප්‍රදේශයේ හුලංබදනාගල රක්ෂිත කොටසේ බදින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා දෙහිඅත්තඅකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට දෙහිඅත්අකණ්ඩිය පොලිස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 35 ක් පමණ වන අතර අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැත.
මරණකරු ගොවිපලක සේවය කරන අයෙකු බවත් ඔහු මී ගවයින් බලමින් සිටියදී සතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් වෙඩි වැදී මෙසේ මියගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
07. ජීව පතරොම් අත්අඩංගුවට ගැනීමක් - බණ්ඩාරවෙල පොලිස් ස්ථානය.
2025.02.22 වන දින දහවල් කාලයේ බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොල අසලදී බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කර සැකකරුවෙකු නොමැති ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පතරොම් අතර පිස්තෝල පතරොම් 113ක්, ටී56 පතරොම් 09ක් හා ටී 56 එල්එම්ජී පතරොමක් තිබී ඇති අතර එම පතරොම් බස් රථයේ ගමන්මලු රදවනය තුල තිබූ බෑගයක් තුල කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී සොයා ගෙන ඇත.
සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
08. සැකකටයුතු මරණයක් - කටුගස්තොට පොලිස් වසම.
2025.02.22 වන දින උදෑසන කාලයේ කටුගස්තොට පොලිස් වසමේ රනවන ප්‍රදේශයේ පිහිටි නිවසක තෙවන මහලේ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට කටුගස්තොට පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 47 ක් වූ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු එම නිවසේ දෙවන මහලේ කුලී පදනම මත පදිංචිව සිටි අයෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
09. නාදුනන මෘත ශරීරයක් හමුවීම- කටුගස්තොට පොලිස් වසම.
2025.02.22 වන දින සවස් කාලයේ කටුගස්තොට පොලිස් වසමේ කුඹුරේගෙදර ප්‍රදේශයේ මහවැලි ගංඉවුරේ නාදුනන කාන්තා මල සිරුරක් ඇති බවට කටුගස්තොට පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත
මරණකාරිය වයස අවුරුදු 50ක් පමණ වන අතර අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
10. ගංජා අත්අඩංගුවට ගැනීමක් - ගෝනගංආර පොලිස් ස්ථානය.
2025.02.22 වන දින සවස් කාලයේ ගෝනගංආර පොලිස් වසමේ 20 කණුව ප්‍රදේශයේදී ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර යාල රක්ෂිතයට මායිම්ව කපා ඇති අලි අගල තුල තිබී සැකකරුවෙකු නොමැති ගංජා කිලෝ 123 ග්‍රෑම් 100 ක් අත්අඩංගුවට ගෙන ඇත.
11. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මාදම්පිටිය පොලිස් ස්ථානය.
2025.02.22 වන දින රාත්‍රී කාලයේ මාදම්පිටිය පොලිස් වසමේ මිහිජය සෙවන ප්‍රදේශයේදී මාදම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාදම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
12. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - තලංගම පොලිස් ස්ථානය.
2025.02.22 වන දින රාත්‍රී කාලයේ තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 350 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53 ක් වන මාපෙරුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
13. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගම්පහ පොලිස් ස්ථානය.
2025.02.22 වන දින රාත්‍රී කාලයේ ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල ප්‍රදේශයේදී ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වන උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
14. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - නුගේගොඩ කොට්ඨාස විෂමත් ද්‍රව්‍ය වැටලීම් ඒකකය.
2025.02.22 වන දින රාත්‍රී කාලයේ මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ ප්‍රදේශයේදී නුගේගොඩ කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 810 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
15. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මොරටුව පොලිස් ස්ථානය.
2025.02.22 වන දින රාත්‍රී කාලයේ මොරටුව පොලිස් වසමේ ලක්ෂපතිය ප්‍රදේශයේදී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 220 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
16. හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගල්කිස්ස පොලිස් ස්ථානය.
2025.02.22 වන දින රාත්‍රී කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 600 ක් හා මුදල් රුපියල් 45,000/= ක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝධ රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20 ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු සන්තකයේ තිබූ මුදල් සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදී මෙම මුදල් 2025.02.22 වන දින ගල්කිස්ස පොලිස් වසමේ බෙලෙක්කඩේ හන්දියේ පිහිටි ඉන්ධනහලක් කොල්ලකෑම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අදාල මුදල් බවට අනාවරණය වී ඇත.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
17. හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට - මොරටුව පොලිස් ස්ථානය.
2025.02.22 වන දින දහවල් කාලයේ මොරටුව පොලිස් වසමේ මුරවත්ත වෙරළ තීරයේදී මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 750 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 45 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
18. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මීගලෑව පොලිස් ස්ථානය.
2025.02.22 වන දින දහවල් කාලයේ මීගලෑව පොලිස් වසමේ ගනන්ගමුව ප්‍රදේශයේදී මීගලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
19. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ඇතිමලේ පොලිස් ස්ථානය.
2025.02.22 වන දින උදෑසන කාලයේ ඇතිමලේ පොලිස් වසමේ තලාකොළ යාය ප්‍රදේශයේදී ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන විලඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
20. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කොටවෙහෙර පොලිස් ස්ථානය.
2025.02.22 වන දින දහවල් කාලයේ කොටවෙහෙර පොලිස් වසමේ දුම්මුලුවාව ප්‍රදේශයේදී කොටවෙහෙර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වන ගල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
21. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පොලිස් විශේෂ කාර්ය බලකා කන්තලේ කඳවුර.
2025.02.22 වන දින දහවල් කාලයේ සේරුනුවර පොලිස් වසමේ සිත්තරු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා කන්තලේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සේරුනුවර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
22. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට - වැලිගෙපොල පොලිස් ස්ථානය.
2025.02.22 වන දින දහවල් කාලයේ වැලිගෙපොල පොලිස් වසමේ පෙත්තරකුඹුර ප්‍රදේශයේදී වැලිගෙපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන වැලිගෙපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැලිගෙපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
23. රක්ෂිතයක ඇතිවූ ගින්නක් - හපුතලේ පොලිස් වසම.
2025.02.22 වන දින උදෑසන කාලයේදී හපුතලේ පොලිස් වසමේ තංගමලේ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක ගින්නක් හටගෙන ඇති බවට හපුතලේ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
හපුතලේ පොලිසිය, දියතලාව ප්‍රාදේශීය සභා ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත. ගින්නෙන් රක්ෂිතයේ අක්කර 2 ½ ක් පමණ ප්‍රමාණයක් විනාශ වී ඇත. ජිවිත හානි කිසිවක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබයි.
24. මාරක රිය අනතුරක් - අඹන්පොල පොලිස් වසම.
2025.02.22 වන දින සවස් කාලයේ අඹන්පොල පොලිස් වසමේ නිකවැරටිය අඹන්පොල මාර්ගයේ පනාදරගම ප්‍රදේශයේදී අඹන්පොල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 65 ක් වූ මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. අඹන්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval