
පෙබරවාරි 05 වන බදාදා, ඇමරිකා එක්සත් ජනපදය පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතී. #50501 ව්‍යාපාරය ලෙස හඳුන්වන මෙම විරෝධතා, දින එකක් තුළ ප්‍රාන්ත 50 ක විරෝධතා 50 ක් සංවිධානය කිරීමේ සුවිශේෂී මෙහෙයුමකි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණ ප්‍රතිපත්ති, විවිධත්ව වැඩසටහන් සහ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් යැයි විරෝධතාකරුවන් විසින් හඳුන්වනු ලබන ප්‍රොජෙක්ට් 2025 නම් දක්ෂිණාංශික පාලන සැලැස්මට එරෙහිව මෙම විරෝධතා සංවිධානය කෙරිණි.
විරෝධතාකරුවෝ ප්‍රධාන වශයෙන් 'ප්‍රොජෙක්ට් 2025' ප්‍රතික්ෂේප කිරීම සඳහා පෙනී සිටියහ. මෙම ව්‍යාපෘතිය ප්‍රජනන අයිතිවාසිකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ ආන්තිකකරණය වූ ප්‍රජාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන බව ඔවුහු චෝදනා කරති.
තවද, සංක්‍රමණිකයන් සමූහ ලෙස පිටුවහල් කිරීමට සහ දැඩි දේශසීමා පාලනයකට මග පාදන විධායක නියෝගවලට එරෙහිව ද විරෝධතාකරුවෝ හඬ නැගූහ.
"ෆැසිස්ට්වාදය ප්‍රතික්ෂේප කරමු" සහ "අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු" වැනි සටන් පාඨ විරෝධතා රැලි වල ප්‍රමුඛ තැනක් ගත් අතර, පුළුල් කරන ලද ජනාධිපති බලතල විවේචනය කරමින් අත්පත්‍රිකා බෙදා හරින ලදී.
මිචිගන් ප්‍රාන්තයේදී, විරෝධතාකරුවන් "කිසිදු පිටුවහල් කිරීමක් නොවිය යුතුයි!" යන පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් කම්කරු සමගිය අවධාරණය කළහ.
ලොස් ඇන්ජලීස් නුවර මින් ඉහත පෙබරවාරි 3 වන දින පැවති පෙර විරෝධතාවලදී අධිවේගී මාර්ග අවහිර කෙරුණු අතර, පොලීසිය සමග ඇති වූ ගැටුම්වලදී පුද්ගලයන් 200 ක් අත්අඩංගුවට ගැනිණි.
වොෂිංටන් DC හි විරෝධතා දෙකක් එකවර සිදු විය. එහිදී ට්‍රම්ප් - නෙතන්යාහු හමුවට විරෝධය පළ කෙරුණු අතර, ඊශ්‍රායලයට දෙන හමුදා ආධාර නතර කරන ලෙස ඉල්ලමින් "පලස්තීනය විකිණීමට නොවේ" යනුවෙන් සටන් පාඨ කියන ලදී.
මිචිගන් රැලියේ සංවිධායිකාවක වන කෙල්සි බ්‍රයන් මෙය "සැබෑ මහජන ව්‍යාපාරයක්" "මම මේකට සම්බන්ධ වුණේ මේකේ අවශ්‍යතාවය දැනුණු නිසයි... මම අනාගතයේදී ආපසු හැරී බලන විට මම යමක් කළා කියලා කියන්න කැමතියි"ලෙස විස්තර කළාය.
50501 ව්‍යාපාරය Political Revolution සංවිධානය සමග එක්ව මෙම කටයුතු සංවිධානය කර තිබේ.
මින් ඉහත පෙබරවාරි 3 වන දින "සංක්‍රමණිකයන් නොමැති දිනය" යටතේ රට පුරා ව්‍යාපාර වසා දැමීමක්ද සිදු විය. එය ට්‍රම්ප්ගේ පිටුවහල් කිරීමේ ප්‍රතිපත්තියට එරෙහි විරෝධයක් විය.
විරෝධතාකරුවන් ට්‍රම්ප්ගේ 'විවිධත්ව මුලපිරීම්' ඉවත් කිරීමට, රාජ්‍ය වෙබ් අඩවි වලින් 'ස්ත්‍රී පුරුෂ භාවය මධ්‍යස්ථ භාෂාව' ඉවත් කිරීමට සහ ජනවාරි 6 කැරැල්ලේ සහභාගිවූවන්ට සමාව දීමට එරෙහිව ද හඬ නගති.
මෙම විරෝධතා ට්‍රම්ප්ගේ අලුත් න්‍යාය පත්‍රයට එරෙහි ජනතා පෙළගැසීමක් පිළිබිඹු කරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval