ganemulla-sanjeewa-killer

ගනේමුල්ල සංජීව හෙවත් මාකිලංගමුවේ සංජීව යනු කවුද? ඔහු මරදමන්නට උවමනාවූයේ කාටද? මේ දැන් අපට ඇති ප්‍රශ්නයි.
ගණේමුල්ල සංජීව යනු රු 5000 ටත් මිනීමැරූ අයෙකු බව පාතාලයේ මතයයි. ඔහු කොටි ත්‍රස්තයින් ලවාද වැඩගත්තෙකි. ඔහු ඝාතනය වූ අද දිනයේ නඩුවද අප්‍රසිද්ධ තුට්ටු දෙකේ වැඩකි.
කැලණිය ප්‍රදේශයේ නිවෙසක නිදාගෙන සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම හා කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකුට  මරණීය තුවාල සිදුකළ බව කියන සිද්ධීන්  දෙකක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගණේමුල්ලෙ සංජීව නමැත්තා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය පසුගිය 05 වනදා කළ නියෝගයෙන් පසු අද ඔහු අධිකරණයේ පෙනී සිටියේය.
සංජීව බූස්ස  බන්ධනාගාරයේ රඳවා සිටි අතර බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

පට්ටිය හන්දිය ප්‍රදේශයේ යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබූ අතර එම සිද්ධියෙන් ඔහුව ලකෂ පහක් බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසද අධිකරණයෙන් නියම විය.

කැලණිය ප්‍රදේශයේ නිවෙසක නිදා සිටියදී ඝාතනයට ලක්ව ඇත්තේ එම්.ඒ. සජිත් රංග නමැති පුද්ගලයෙකි. සැකකාර පුද්ගලයා ඇතුළු තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කර ඇති බවද සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදු කරන පෑලියගොඩ ‍පොලිසිය අධිකරණයට දැන්වීය.

ඉහත සඳහන් පළමු චෝදනා දෙක සම්බන්ධයෙන් තම සේවාදායකයා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසට පසුගිය 5 වනදා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරු මෙම අද  දින දක්වා තවදුරටත් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබු අතර ඇතැම් විට අද ඇප ලබාගන්නටද ඉඩ තිබුණි.

කාලයක් තිස්සේ පොලිසියෙන් කට්ටිපනිමින් රවල් වල සැඟව සිටි මෙම අපරාධකරුහසුවන්නේ 2023 වෙනත් නමකින් කටුනායකට පැමිනි අවස්ථාවේය.



සේනාධීරගේ කරුණාරත්න නම් ගුවන් මගියා 2023 සැප්තැම්බර් 13 වන දින දහවල් 12.50ට කත්මණ්ඩු නුවර සිට කොළඹ බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 182 ගුවන් යානයට ගොඩවීය. කිසිදු සැකයක් නොමැතිව, නිහඬව සිය ගමන් මල්ල රැගෙන යානයේ 198 අංක දරණ ආසනයේ වාඩි වී සිටි ඔහු කෙරෙහි කිසිවකුගේ අවධානය යොමු නොවීය.
එහෙත් මෙම සරල පෙනුමෙන් යුත් මගියා වෙන කවුරුත් නොව, මේ රටේ පාතාල ලෝකයේ බිහිසුණු නමක් දරනවිය. ඔහු කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ වහාම ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එතැන් සිට එහු ඉන්නේ සිරගතවය.
උසස් පෙළ විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා තිබියදීත්, සංජීව තෝරා ගත්තේ අපරාධ ලෝකයයි. ඔහුගේ පළමු අපරාධය වූයේ වේයන්ගොඩ ප්‍රදේශයේ ජිම් එකක පුහුණුවට පැමිණි තරුණයින් අට දෙනෙකු සමඟ එක්ව මාරපොල ප්‍රදේශයේදී බිස්කට් ප්‍රවාහන වෑන් රථයක් කොල්ලකෑමයි.

මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ සුජී, කිඹුලාඇලේ ගුණා ඇතුළු සමහර පාතාල නායකයන් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ලවා වැඩ කර ගත්තේය. එයට හොඳම උදාහරණය වනුයේ ඔවුන්ගේ ප්‍රධාන කුලී වෙඩික්කරු වන එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අපරාධකරුවෙක් වූ බුම්මාය. දැන් මධුෂ් එලොව ගොස්ය. සුජී රට හැර දා ගොස්ය. කිඹුලා ඇලේ ගුණා ඉන්දියන් අත්අඩංගුවේය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබල ගනයේ සාමාජිකයන්ගෙන් වැඩ ගත් තවත් පාතාල කල්ලි නායකයකු වනුයේ මෙලෙස අත්අඩංගුවට පත්වූ ‘මාකිලංගමුවේ සංජීව’ නොහොත් ‘ගනේමුල්ලේ සංජීව’ ය. ඒ බව පවසන්නේ අප නොව මෙරට බුද්ධි අංශය.

සංජීව සමරරත්න නොහොත් “ගනේමුල්ලේ සංජීව” නොහොත් “මාකිලංගමුවේ සංජීව” යනු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයටත් මුහුණ දුන් පුද්ගලයෙකි. තවදුරටත් අධ්‍යාපනයේ නිරත වෙමින් සාර්ථක ජීවිතයක් ගතකිරීමට ඔහුට හැකියාව තිබුණි. කලක සිට පාතාල උණක් ගසා තිබූ නිසා අධ්‍යාපනයට ආයුබෝවන් කියා ඔහු පාතාලය තෝරාගත්තේය. ඒ තෝරාගැනීම ඔහු දැනුවත්ව සිදුකළ එකකි.

පාතාලය තෝරාගත් “ගනේමුල්ල සංජීව” ට ව්‍යායාම් කර ඇඟ හදාගැනීමේ වුවමනාවක් තිබුණි. ඒ අනුව ඔහු බටපොත ජිම් එකක මාස කිහිපයක් ශරීර ව්‍යායාම්වල නිරත විය.

ඒවනවිටත් ඔහු සුළු සුළු හොරකම් කිහිපයක් සිදුකර තිබුණි. එහි පළමු සොරකම ලෙස සැලකෙන්නේ කීර විකුණමින් ජීවත් වූ ආච්චි කෙනෙකු මංකොල්ලකා ලබාගත් රුපියල් තුන්සියයි.

ගමේ ජීවත් වීමට නොහැකි වූ තැන ඔහු වේයන්ගොඩ ප්‍රදේශයට පැමිණියේය. එලෙස පැමිණි ඔහු නයිවල හන්දියේ බෝගහට නුදුරින් ජිම් එකක නැවතී සිටියේය. එලෙස මාස කීපයක් සිටි ඔහු එම ජිම් එකටම පැමිණි තරුණයන් අට දෙනෙක් සමග මාරපොල හන්දියට නුදුරින් බිස්කට් වෑන් එකක් කොල්ල කෑවේය. එහිදී ඔවුන් රුපියල් 70000 ක පමණ මුදලක් මංකොල්ලා කා තිබුණි. එලෙස මංකොල්ලකා සති කිහිපයකට පසු ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ ඔහුගේ පළමු වරට බන්ධනාගාරගත වීමයි.

පළමු සිරගෙදර ගමනින් පසු දැන හැඳුනුම්කම් සමග එළියට එන ‘ගනේමුලලේ සංජීව’ පාතාලයේ අයියා කෙනෙකු ලෙසින් ගොඩනැගෙන්නේ 2009 වර්ෂයේදීය. ඒ මෙරට සිදුවූ රුපියල් කෝටි හයකට ආසන්න විශාලම බැංකු මංකොල්ලය සිදුකරමින්ය. එතැන් පටන් පාතාලයේ කෙරුමකු වීමට ඔහුට අවශ්‍ය වී තිබුණි.


2009 වසරේදී සංජීව පාතාල ලෝකයේ ප්‍රබල චරිතයක් බවට පත්වන්නේ මෙරට සිදු වූ විශාලතම බැංකු මංකොල්ලයක් සිදු කිරීමෙනි. ඉන්පසු ඔහු ගම්පහ ප්‍රදේශයේ පස් ජාවාරමට පිවිසෙමින් එහි ප්‍රබල චරිතයක් වූ "පස් පොඩ්ඩා" සමඟ ගැටුම් ඇති කර ගත්තේය.

ගම්පහ පස් ජාවාරම පාතාලයන් ගේ මුදල් ඉපයීමේ තෝතැන්නක් විය. ඒ අනුව “ගණේමුල්ලේ සංජීව” ගම්පහ පස් ජාවාරමට පිවිසෙන්නේය. ගම්පහ පස් පාතාලයේ ප්‍රසිද්ධ චරිතයක්ව සිටි “පස් පොඩ්ඩා” ගනේමුල්ලේ සංජීව සමඟ “පස් සෙල්ලම” පටන් ගන්නේ ‘හීනැටියන අසිත’ මරා දමමිනි.

මොවුන්ගේ කල්ලියේ සිටි තවත් ප්‍රබල සාමාජිකයකු වූයේ අජිත් කුමාර නොහොත් කළු අජිත් නොහොත් “අජා”ය. කලක් ගනේමුල්ලේ සංජීවගේ හොඳම වෙඩික්කරු වූයේ “අජා”ය. පසුපස හඹාගොස් වෙඩි තැබීම සඳහා දක්ෂයකු වන කළු අජිත්ව සිය ඉලක්ක සපුරා ගැනීමේ හොඳම වෙඩික්කරු ලෙස “ගනේමුල්ලේ සංජීව” විසින් තෝරා ගනු ලැබ තිබුණේ එළියේ සිට මෙන්ම ඇතුළේ සිටියදී ද වැඩ ගැනීම සඳහාය. ඉලක්කය සපුරණ අජිත්ගේ ගාස්තුව ගෙවීමට කිසිදු අවස්ථාවක සංජීව මග හැරියේ නැත. එහෙත් අජිත්ගේ ඉලක්කය වැරදී ගියේ ගම්පහ ඔස්මන් මරා දැමීමට සංජීව විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවෙනි.

ඔස්මන්ගේ ඉලක්කය “කළු අජිත්ගෙන්” ගිලිහුණු දිනයේ සිට අජිත් සහ සංජීව අතර ගැටුමක් ඇති වුණේය. වැරදී ගිය කුරුමාණම නිසා පොරොන්දු වූ මුදල අජිත්ට ලැබුණේත් නැත. දැඩි කෝපයට පත් “කළු අජිත්” පස් පොඩ්ඩාගේ හිතවතෙක් වූ “සුරේෂ්ගෙන්” කප්පම් ඉල්ලා තිබිණි. මේ ගැටුම මරණ කීපයක් දක්වා ඇදී ගියේය. අනතුරුව සංජීව විසින් “කළු අජිත්” ඝාතනය කර දැම්මේය. ඒ “හීනටියන සංඛ” නමැත්තෙක් හරහාය.

චමින්ද රවී ජයනාත් නොහොත් “දෙමටගොඩ චමින්ද” නමැති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තුන් වැනි විත්තිකරුට බන්ධනාගාර බස් රථය තුළදී වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන් ද “ගනේමුල්ලේ සංජීව” චෝදනා ලැබ සිටියේය. බන්ධනාගාරයේ සිටි “දෙමටගොඩ චමින්ද” අලුත්කඩේ අධිකරණයේ පැවැති නඩුවට ඉදිරිපත් කොට නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී දෙමටගොඩ ඉන්ගම් හන්දියේදී බන්ධනාගාර බස් රථය හරස් කර නැවැත්වූ යතුරුපැදිකරුවෝ දෙදෙනකු “දෙමටගොඩ චමින්දට” වෙඩි තබා පලා ගියහ. චමින්ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ අතර සිද්ධියට අදාළව “ගනේමුල්ල සංජීව” බන්ධනාගාරගත විය.



සංජීව තම ක්‍රියාකාරකම් සඳහා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යොදා ගැනීමට පුරුදු වී සිටියේය. ඔහු වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනෙකු සඟවා තබා ගෙන සිටි බව හෙළි විය. පොලිස් බුද්ධි අංශ වාර්තා වලට අනුව, සංජීවගේ කල්ලිය සතුව පිස්තෝල 10ක් සහ ටී 56 ගිනි අවි 10ක් පවතින බව සොයාගෙන තිබේ.


“ගනේමුල්ල සංජීව” විසින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හත් දෙනකු මෙහෙයවමින් සිටියේය. වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක් තුළ තබාගෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 03ක් ඔහු විසින් නඩත්තු කළේය. පසුව මේ පිරිස පොලිස් අත්අඩංගුවට පත් වූයේය. පසුගිය වකවානුව තුළ කර ඇති විමර්ශනවලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පිස්තෝල 10ක්, ටී 56 ගිනි අවි 10ක් “ගනේමුල්ලේ සංජීවගේ” කල්ලිය සතුව තිබේ.


මෙම අපරාධවලට අමතරව “ගනේමුල්ල සංජීව” අපරාධවලට කිසිසේත් සම්බන්ධයක් නොමැති අහිංසක මිනිස්සු කිහිප දෙනෙක්ද ඝාතනය කර තිබේ.

වරක් කඩවත ගෑනු කෙනෙකුට වෙඩි තියලා තියෙනවා ලක්ෂ පහක් අරගෙන. තවත් වරක් ජා ඇල ගෑනු කෙනෙක්ට වෙඩි තියලා ඝාතනය කළා කළු අජිත් කියලා වැරදිලා. කෙහෙල්බද්දර සැලූන් එකක වැඩ කරන අහිංසක කොල්ලෙකුට වෙඩි තබා තියෙනවා. ගාල්ල පැත්තෙ තැඹිලි විකුණන අහිංසක මිනිහෙකුට සහ බටපොත හාඩ්වෙයාර් එකක කොල්ලෙකුටත් නිකම්ම වෙඩි තියලා තියෙනවා.

සංජීවගේ සමීපතම පාතාල මැරයන් තැන තැන විසිරී ගොස්ය. ගොත අසංක ඉන්නේ ඉන්දියාවට පැනගෙනය. පස් පොඩ්ඩා ඝාතනය වූයේය. පස්පොඩ්ඩාගේ ඝාතනයේ පලිය ගන්නට පහුගිය වකවානුව තුළ කෙහෙල්බද්දර හීනටියන ප්‍රදේශවල මිනී මැරුම් ගණනක් සිදුවිය. සංජීවගේ ඉලක්ක වැරදී අසරණ තරුණයෙක්ද කෙහෙල්බද්දරදී මියගියේය.
ඔහු මරන්නට උවමනාවූයේ කාටදැයි පැහැදිලි නැත.නමුත් පාතාල ලෝකයේ ඔහුට සිටි එදිරිවාදීන්ට එවන් උවමනාවන් තිබුණ බව පැහැදිලිය.
නඩුවක් අසමින් සිටියදී විත්තිකූඩුවේදී වෙඩිවැදී කෙනෙකු ඝාතනය වීම අධිකරණයේ ආරක්ෂාව පිලිබඳ බරපතල ප්‍රශ්නයකි.