10.43 update
උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් ‍තුවාල ලද ගනේමුල්ලේ සංජීව දැඩි අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ නමුත් අධික රුධිර වහනයෙන් පසු ඔහු මියගිය බව රෝහල් ආරංචි උපුටමින් පොලිසිය තහවුරු කරන ලදි.වෙඩිතැබීම සිදු කළ ප්‍රහාරකයා නීතිඥයකු ලෙස පෙනීසිටිමින් අධිකරණ පරිශ්‍රයට ඇතුළු වී ඇති බව පොලිසිය පැවසීය.
සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇත.



10.15 update
අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරි මනතුංග මහතා තහවුරු කර තිබේ.


මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ඉලක්කය වී ඇත්තේ ගණේමුල්ල සංජීව නම් පුද්ගලයෙකු බව වාර්තා වන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු වහාම රෝහල් ගත කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර තවමත් අනාවරණය වී නොමැති අතර, පොලීසිය විසින් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අධිකරණ සංකීර්ණයක් තුළ මෙවැනි සිද්ධියක් වාර්තා වීම සම්බන්ධයෙන් බලධාරීන් දැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.


වැඩිදුර තොරතුරු ලැබෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.​​​​​​​​​​​​​​​​