
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වල සුබසාධන ව්‍යාපෘති සඳහා ලබාදුන් USAID ආධාර වැඩසටහන නව ට්‍රම්ප් පරිපාලනය පසුගියදා අත්හිටවූ අතර මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංවිධාන ගණනාවක් සිදුකරමින් පැවති කටයුතු එක්වරම නතරවී තිබේ. ට්‍රම්ප් හා ඔහුට සමීප බිලියනපති එලොන් මස්ක්ගේ අදහස නම් තුන්වෙනි ලෝක රටවල් මෙම බොහෝ ව්‍යාපෘති වලින් ඇමරිකානුවන්ගේ ආධාර නිසි ප්‍රයෝජනයෙහි නොයොදා ගසාකෑම් කර ඇති බවයි. විශේෂයෙන් තුන්වෙනි ලෝකයේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන මේවා අයථා භාවිතයේ යොදවා ඇති බව ඔවුන්ගේ අදහසයි.
මේ දිනවල ඒ ගැන එරට සංවාදයක් පවතින අතර එලොන් මසක් සිය x ගිණුම හරහා USAID ආධාර නාස්තිකාර ලෙස යෙදවූ අයුරු පෙන්වන උදාහරණ ගෙනහර පා ඇත.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත්පත්වලට වාර්තා කිරීමේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහා වූ පොදුවූ වචන මාලාවක් ඉගැන්වීම සදහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ගැනද ෆොක්ස් නිවුස් පළ කළ වාර්තාවක් හුවමාරු කරමින් එය 'හාස්‍යජනක' වියදමක් යයි එලොන් මස්ක් පෙන්වාදී තිබේ.
ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9ක් USAID ආධාර මීට ලබාදී තිබූ අතර එතරම් විශාල මුදලක් ලබාගෙන
ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබල ගැන්වීම (MEND) නම් රාජ්‍ය නොවන සංවිධානය සිදුකර ඇත්තේ කවරක්දැයි පැහැදිලි නැති බවයි. ඔවුන් ව්‍යාපෘති කාලය තුළ ෆේස් බුක් ඔස්සේ පොස්ට් 04 ක් පමණක් පළ කර ඇති බවත් ඒවායින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ LGBTQ කරුණු සම්බන්ධ ඉදිරිපත් කිරීම් හතරක් පමණක් ප්‍රකාශයට පත් කර ඇති බවත් ෆොක්ස් නිවුස් වාර්තාවේ දැක්වේ.
උදාරණයක් ලෙස MEND ආයතනයේ ෆේස්බුක් පිටුවෙහි "ස්ත්‍රී පුරුෂ නාම පද" නමින් ඉදිරිපත් කිරීමක් පළ කර එමගින් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වැරදි නාම පදයකින් කෙනෙකු ඇමතුවහොත් සමාව අයැදින ලෙසත් උපදෙස් දී තිබේ.
තවද, "මහත්ම මහත්මීනි" වැනි ද්විමය-ස්ත්‍රී පුරුෂ භාෂාවෙන් වැළකී සිටින ලෙසත්, තම ස්ත්‍රී පුරුෂ නාම පද ක්‍රියාකාරීව හුවමාරු කර ගැනීම සාමාන්‍යකරණය කරන ලෙසත් උපදෙස් දී තිබේ. නපුංසකයින්ට, වැරදි නාම පද යොදා ඇමතීමේදී අපහසු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවද කියා ඇත.
USASpending.gov හි ප්‍රධාන සාරාංශයට අනුව, USAID විසින් 2017 අගෝස්තු මාසයේදී MEND ව්‍යාපෘතිය දියත් කර ඇති අතර, එහි මුළු පිරිවැය ඩොලර් මිලියන 7.9ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. මෙම වැඩසටහන 2023 අප්‍රේල් 14 දක්වා ක්‍රියාත්මක විය. ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය විසින් මෙම වයාපෘතිය අධීක්ෂණය කර ගෙවීම් කර ඇති බවත් එහි දැක්වේ. ෆේස් බුක් පොස්ට් වලින් පසු ශ්‍රී ලාංකික පුරවැසියන් 24,000කට වැඩි පිරිසක් වෙත තම පණිවිඩය ළඟා කරගත් බව ඔවුන් දන්වා ඇත.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට "ද්විමය-ස්ත්‍රී පුරුෂ භාෂාව" වළක්වා ගැනීම සඳහා ඩොලර් මිලියන 7.9ක් වැය කර ඇති බව පවසමින් ෆේස්බුක් පොස්ට් පළ කිරීම "හාස්‍යජනක" වියදමක් ලෙස මස්ක් හඳුන්වා දී තිබේ.
මේ ආකාරයෙන් අනවශ්‍ය ලෙස වියදම් කළ ව්‍යාපෘති රාශියක් තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.
USAID ආයතනය විසින් විවිධ රටවල සමලිංගික (LGBT) කණ්ඩායම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා මිලියන ගණනක මුදල් වැය කර ඇති බව ද මෙම ලේඛන මගින් හෙළිදරව් වී තිබේ. ට්‍රම්ප් මහතා එක්සත් ජනපදයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන මාතෘකාවක් වන සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් මෙලෙස විදේශ රටවල් සඳහා විශාල මුදලක් වැය කර ඇති බව පෙන්වා දී තිබේ.
ලේඛනවලට අනුව, ගෝතමාලාවේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම සහ සමලිංගික ක්‍රියාකාරකම් සඳහා ඩොලර් මිලියන 2ක්,
ආමේනියානු සමලිංගික සංවිධානයකට ඩොලර් මිලියන 1.1ක්, ජැමෙයිකාවේ සමලිංගික හිමිකම් ප්‍රවර්ධනය සඳහා ඩොලර් මිලියන 1.5ක්, ලතින් ඇමරිකාවේ ව්‍යවසායකත්වය හරහා සමලිංගික සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 2ක්, බටහිර බෝල්කන් කලාපයේ සමලිංගික කරුණු සඳහා ඩොලර් මිලියන 3.9ක්, උගන්ඩාවේ සමලිංගික ක්‍රියාකාරකම් සඳහා ඩොලර් මිලියන 5.5ක්, ලෝකය පුරා ප්‍රමුඛතා රටවල සමලිංගික කරුණු ඉදිරියට ගෙන යාම සඳහා ඩොලර් මිලියන 6ක් සහ දකුණු අප්‍රිකාවේ පුරුෂයින් අතර ලිංගික සබඳතා පවත්වන පුරුෂයින් සඳහා ඩොලර් මිලියන 6.3ක් වැය කර ඇත.
දශක ගණනාවක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID)වියදම් කිසිවකු අධීක්ෂණය කර නොමැති බවත් තවදුරටත් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් මස්ක් පැවසුවේය. USAID ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීයව තිබෙන සියලුම කාර්යාලවල කොන්ත්‍රාත් පදතම මත බඳවා ගනු ලැබූ සේවකයන් අද (07) සිට පඩි සහිත අනිවාර්ය නිවාඩු යැවීමටත් දින 30 ක් තුළ එලෙස අනිවාර්ය නිවාඩු ලබන පිරිස් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමටත් නියමිතය.
ongoing USAID projects in Sri Lanka:

Comments
Post a Comment
Your comment will be visible after approval