trump-netanyahu-meeting-gaza-ceasefire-and-middle-east-peace-process-to-be-discussed

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ගාසා සටන් විරාමය සහ පුළුල් මැදපෙරදිග උපායමාර්ග සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට වොෂිංටනය වෙත පැමිණ සිටී. ජනවාරි 20 වන දින ට්‍රම්ප්ගේ ධුර ප්‍රාප්තියෙන් පසු විදේශීය නායකයෙකු සමඟ පැවැත්වෙන ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික හමුව මෙය වේ.

මේරිලන්ඩ් හි ඇන්ඩ්‍රූස් ගුවන් හමුදා කඳවුරට පැමිණි නෙතන්යාහුට ඊශ්‍රායල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සහ එක්සත් ජනපද හා ඊශ්‍රායල කොඩි දරන ගෞරව මංගල්‍යයකින් පිළිගැනීමක් හිමි විය.



සාකච්ඡා න්‍යාය පත්‍රය ප්‍රකාශයට පත්කර ඇති අතර නෙතන්යාහු විසින් ප්‍රකාශ කළ පරිදි, ඔහුගේ ප්‍රධාන අරමුණු වන්නේ: හමාස් සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කිරීම, ගාසාවේ සිරකරුවන් මුදා ගැනීම හාඉරාන තර්ජනයට විසඳුම් සෙවීමයි.

සඳුදා දින, නෙතන්යාහු මැදපෙරදිග සඳහා එක්සත් ජනපද විශේෂ දූත ස්ටීව් විට්කොෆ් හමුවීමට නියමිතය. විට්කොෆ් ජනවාරි මාසයේදී ක්‍රියාත්මක වූ ගාසා සටන් විරාම ගිවිසුම සාර්ථක කර ගැනීමට උපකාර කළ බව කටාර් ඇතුළු අනෙකුත් මැදිහත්කරුවන් විසින් පිළිගෙන ඇත.

අඟහරුවාදා සවස ධවල මන්දිරයේදී නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතය. බදාදා දින පෙන්ටගනයේදී එක්සත් ජනපද හමුදා නායකයින් සමඟ සහ බ්‍රහස්පතින්දා කොන්ග්‍රස් සභිකයින් සමඟ හමුවීම්ද සැලසුම් කර ඇත.

මෙම සංචාරය සිදුවන්නේ ඊශ්‍රායලය, හමාස් සහ මැදිහත්කාර රටවල් අතර ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර පිළිබඳ සාකච්ඡා ආරම්භ වීමට නියමිත මොහොතකය.

නෙතන්යාහු නැවත සටන් ආරම්භ කිරීමේ අභිප්‍රාය පළකර ඇති අතර, සිරියාවේ සහ ලෙබනනයේ කොටස් මිලිටරිමය වශයෙන් අල්ලාගෙන සිටීමේ අදහසද ප්‍රකාශ කර ඇත.

ඔහුගේ අන්තවාදී අමාත්‍යවරයෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු, නෙතන්යාහු දේශපාලන පීඩනයකට ලක්ව සිටී. කලාපීය මිලිටරි ආධිපත්‍යය පෙන්වීම සඳහා පුළුල් හමුදා ප්‍රහාර දියත් කිරීමට ඔහුට බලපෑම් එල්ල වෙමින් පවතී.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ මෙම නායකයින් දෙදෙනා සමීප සබඳතාවයක් පවත්වා ගත්හ. එම කාලය තුළ:
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීම, එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යාම, ගොලාන් කඳුකරය ඊශ්‍රායල් අධිකාරය යටතේ පිළිගැනීම හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් සමඟ ඊශ්‍රායලයේ සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා ඒබ්‍රහම් ගිවිසුම් මැදිහත් වීම සිදුවිය.

කෙසේ වෙතත්, ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයෙන් පසු නෙතන්යාහු ඔහුට සුභ පැතීම හේතුවෙන් ට්‍රම්ප් කෝපයට පත්විය.

නමුත් 2023 මුල නෙතන්යාහු දකුණු අන්තවාදී ආණ්ඩුවක් සමඟ බලයට පැමිණීමෙන් පසු ඔවුන්ගේ සබඳතාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්විය.

පසුගිය වසරේ වොෂිංටනයට පැමිණි අවස්ථාවේදී මෙන්, මෙවරද විරෝධතා දැක්වීම් අපේක්ෂා කෙරේ. ගාසාවේ පලස්තීනුවන් 61,700 කට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්වීම, බටහිර ඉවුරේ සහ ලෙබනනයේ දහස් ගණනක් මියයාම, සහ සිරියාව හා ලෙබනනයේ කොටස් අල්ලාගෙන සිටීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එක්සත් ජනපදය ලබාදෙන කොන්දේසි විරහිත සහයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විරෝධය පළ කිරීමටද ඉඩ ඇත.