
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය කථාවේදී ප්‍රකාශ කර සිටියේ වැඩිහිටි පුරවැසියන්ට වෙළඳපොළ පොලී අනුපාතයට වඩා සියයට 3ක අතිරේක පොලී අනුපාතයක් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන බවයි.
වර්තමානයේ සියයට 8 ක් හෝ ආසන්න වශයෙන් පවතින ස්ථාවර තැන්පතු පොලී අනුපාත ක්‍රමය නිසා නැඩි දෙනෙකු පීඩාවෙන් පසුවන බවට පසුගියදා ප්‍රකාශ විය. මින් ඉහත සියයට 15 ක් ලබාගෙන මාසික වියදම පියවා ගත් වැඩිහිටි පුරවැසියන් ගේ පොලි අනුපාත රටේ ආර්ථික අර්බුදය නිස වෙනස් කළ අතර එයින් අපහසුතාවයට ලක්වූ වැඩිහිටියන් හඩක් නැගුවද පලක් වූයේ නැත.
වැඩිහිටි පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වෙළඳපොළ පොලී අනුපාතයට වඩා සියයට 3ක අතිරේක පොලියක් ලබා දීම දසිදුවනු ඇත.
නව ක්‍රමය අනුව මෙම විශේෂ පොලී අනුපාතය උපරිම වශයෙන් රුපියල් මිලියන 1ක තැන්පතුව දක්වා සීමා කෙරේ.
මෙම සුවිශේෂී මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 15ක මුදලක් 2025 අයවැයෙන් වෙන් කර ඇත. මෙම තීරණය මගින් වැඩිහිටි ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීමට රජය උත්සාහ දරන බව පැහැදිලි වේ.
රජයේ මෙම මූල්‍ය ආයෝජනය තුළින් වැඩිහිටි ප්‍රජාවගේ ජීවන තත්ත්වය නංවාලීමට මෙන්ම, උද්ධමනය හේතුවෙන් ඔවුන්ගේ ඉතිරිකිරීම් වලට සිදුවන බලපෑම අවම කිරීමට ද හැකි වනු ඇත.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී බැංකු පද්ධතිය හරහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කෙරෙනු ඇති අතර, සුදුසුකම් ලබන වැඩිහිටි පුරවැසියන්ට මෙම විශේෂ පොලී අනුපාතය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇත.
සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අද (16) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක
මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව නිවාස ඒකක 1,996 ක් ඉදිකරමින් පවතින බවත් නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කර තිබෙන බවත් ඉක්මනින් වැඩ නිම කළ පසුව සුවිශේෂ කලාකරුවන් හා මාධ්‍යවේදීන් අගයමින් ඔවුනට පිරිනැමීමට අදහස් කරන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval