be-careful-when-buying-japanese-domestic-vehicles-dont-get-caught

⚠️⚠️⚠️වාහන ගන්න හදිසි වෙලා ලක්ෂ ගාණක් පාඩු කරගන්න කැමති නෑ නේද?
⚠️⚠️⚠️කාටවත් අහු නොවී ජපන් වාහනයක් ගන්න ඕනෙද?
🔅එහෙනම් මේ ලිපිය ඔයාට.

🔅ලංකාවට ගෙන්නන වාහන ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්.
🔅ඒ තමයි,
🚗බ්‍රෑන්ඩ් නිව් වාහන සහ
🚗රීකන්ඩිෂන් වාහන
🔅ලංකාවට එන බොහොමයක් බ්‍රෑන්ඩ් නිව් වාහන එන්නේ ලංකාවේ ඒ ඒ බ්‍රෑන්ඩ්වලට අදාළ ඒජන්ට්ස්ලා හරහා.
🔅රීකන්ඩිෂන් වාහන බොහොමයක් එන්නේ වාහන සේල් හරහා.
🔅“ඒජන්ට්ස්ලා හරහා බ්‍රෑන්ඩ් නිව් වාහනයක් වැඩි මිලට ගන්නවට වඩා ලාභයි සේල් එකකින් රීකන්ඩිෂන් වාහනයක් ගන්න එක” කියලා මතයක් ලංකාවේ තියෙනවා.
🔅ඒත් ඒ හා සම්බන්ධ වුණු තිරයෙන් පිටිපස්සේ තියෙන අඳුරු කතාවක් ගැන කියන්නයි මේ හදන්නේ.
🔅මෙරටට ඒජන්ස්ට්ලා හරහා ගෙන්වන ජපන් බ්‍රෑන්ඩ් නිව් වාහන සියල්ලම ජපානය කෙලින්ම අපනයනය කරන ඒවා.
🔅මෙරටට ගෙන්වන ජපන් රීකන්ඩිෂන් වාහන බොහොමයක් එන්නේ ජපානයේ තියෙන ඕක්ෂන්වලින් (වෙන්දේසි).
🔅ඒවායේ තියෙන්නේ ජපානය ඇතුළේ පාවිච්චි කරලා අයින් කරපු වාහන සහ අනතුරුවලට පත් වෙලා භාවිතයෙන් ඉවත් කරපු වාහන.
🔅ඉතින් මේවායේ තත්වය අනුව ඒ වාහන වෙන්දේසියෙන් ගන්න පුළුවන්.
🔅ඒකත් එක්ක ලැබෙන Auction Inspection Sheet එකේ වාහනයේ තත්වය ගැන සම්පූර්ණයෙන් සඳහන් වෙනවා.
🔅ඒ වාහන නැවත අලුත්වැඩියා කරලා, තිබා වගේ හදලා වෙනත් රටවලට අපනයනය කරනකොට තමයි ඒවා රීකන්ඩිෂන් හැටියට හඳුනා ගන්නේ.


🔅ජපානයේ තිබෙන ප්‍රධානම වාහන් තක්සේරු ආයතනය තමයි JAAI කියන්නේ. (Japan Auto Appraisal Institute)
🔅ජපානයෙන් එළියට අපනයනය කරන පාව්ච්චි කරපු වාහන සියල්ලම වාගේ අනිවාර්යෙන් ලබා ගත යුතු සහතිකයක් තමයි මේ JAAI Certificate එක.
🔅ඒ වගේම ජපානයෙන් අපනයනය කරන පාව්ච්චි කරපු වාහන තක්සේරු වන විදියක් තමයි JEVIC Certificate (Japan Export Vehicle Inspection Centre) එක කියන්නේ.
🔅ඉතින් ජපානයෙන් ලංකාවට එන රීකන්ඩිෂන් වාහන සියල්ලම වගේ මේ Auction Inspection Sheet එකත්, JAAI හෝ JEVIC සහතිකයත් ලබා තිබීම අනිවාර්ය වෙනවා.
🔅ඔබ රීකන්ඩිෂන් ජපන් වාහනයක් මිලදී ගනිද්දී සේල් එකෙන් හෝ විකුනුම්කරුවගෙන්  Auction Sheet එකයි, JAAI හෝ JEVIC සහතිකයයි ඉල්ලන්න පසුබට වෙන්න එපා.
එක ඔබේ පරම අයිතියක්.
🔅ඒවා නෑ කියලා කාටවත් කියන්න අවස්ථාවක් නෑ. මොකද ජාපනයෙන් නීතිප්‍රකාරව එන වාහන හැම එකටම මේවා ඉශූ වෙන නිසා.
🔅එහම නැති නම් ඔයාලටම ඒ සහතික ගන්න පුළුවන් ඔන්ලයින්.
එකට ඔයාට ඕනේ කරන්නේ වාහනයේ චැසි අංකය විතරයි.
⚜️JAAI සහතිකය ලබා ගැනීමට -  www .jpcenter .ru/ report  යන ලින්ක් එකත්,
⚜️JEVIC සහතිකය ලබා ගැනීමට - www. ecert. jenesis-it. com/ odo යන ලින්ක් එකත්,
ඔබට භාවිත කරන්න පුළුවන්.
🔅ඔබට මේ ප්‍රශ්නයේ බරපතලකම ගැන යම් අවබෝධයක් දැන් ඇති වුණා කියල හිතනවා. ක්ෂේත්‍රයේ වැදගත් පුද්ගලයින්ගෙන් තව කරුණු කාරනා තහවුරු කරගන්නත් ඔබට පුළුවන්.
🔅තවදුරටත් විස්තර දැනගන්න ඒ ඒ බ්‍රෑන්ඩ්වලට අදාළ ලංකාවේ ඒජන්ට්ස්ලා හම්බෙන්නත් පුළුවන්.
🚗Toyota - Toyota Lanka
🚗Honda - Stafford Motors
🚗Mitsubishi - United Motors
🚗Suzuki / Nissan - AMW
🔅 ලංකාවට එන බොහොමයක් වාහන මේ විදියට ඒජන්ට් හරහා හරි ඕක්ෂන් හරහා හරි ආවත් තවත් කොටසක් ඩිරෙක්ට් ෆැක්ටරි ඕඩර්ස් දාලා ඒක කෙලින්ම ලංකාවට එවනවා.
🔅ඒ වගේම තවත් කොටසක් ඕක්ෂන් වලට නොයා ජපානයේ ප්‍රයිවට් සේල් වලින් අරගෙන මෙහෙට එවනවා.


🔅එතකොට ඒ වාහනවලට ඕක්ෂන් ශීට් එකක් ඕනේ නෑ. හැබැයි වාහනේ කොහොම ගත්තත් අපනයනය කරන්න නම් JAAI හෝ JEVIC වගේ තත්ව සහතිකයක් නම් ඕනෙමයි.
⚠️⚠️⚠️තව පොඩි කතාවක්…
🔅සමහර වාහන මොඩ්ල්ස්වල ප්‍රශ්න නිසා ඒවා නැවත මව් ආයතනය මගින් නැවත ගෙන්වා ගන්නා අවස්ථා (Recall) ඔබ දැකලා ඇති.
🔅හැබැයි ඕක ඇත්තටම වෙන්නේ අදාළ රටේ ඉන්න ඒජන්ට් හරහා ගත්තු වාහනවලට විතරයි. මොකද ඒ ඒ වාහනවල සියලුම දත්ත අප්ඩේට් වෙලා ඒජන්ට් ළඟ සහ මව් සමාගමේ තියෙන නිසා වාහන ට්‍රැක් කරගන්න ලේසියි.
🔅ඒත් ජපන් වාහන වෙන්දේසිවලින් අරගෙන මෙහෙ සේල්වලින් ගන්න වාහනවලට ඒ පහසුකම ලැබෙන්නේ නෑ.
🔅මෑතක වෛද්‍යවරයෙක්ට ජීවිතය අහිමි වුණ එයාර්බෑග් අනතුර මේකට හොඳ උදාහරණයක්.
⚠️⚠️⚠️තවත් පොඩි කතාවක්…
වොරන්ටි ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ.
🔅ඒජන්ට්ස්ලා හරහා ගන්න වාහනවලට බොහෝ වෙලාවට හම්බෙන්නේ Comprehensive warranty (bumper to bumper) වොරන්ටි එකක්.
🔅ඒ කියන්නේ අදාළ වොරන්ටි පීරියඩ් එක තුළ වහනය සම්බන්ධයෙන් වෙන සියලුම ප්‍රශ්නවලට ඒ වොරන්ටිය හම්බෙනවා. ප්ලාස්ටික් කෑල්ලක් කැඩුනත් එකත් වොරන්ටි එකෙන් ක්ලෙම් කරගන්න පුළුවන්.
🔅ඒත් සේල්වලින් ගන්න වාහනවලට බොහෝ වෙලාවට ලැබෙන්නේ Engine and Gearbox warranty එක විතරයි.
🔅ඉතින් වාහනයක් ගද්දී ඔය හැමදේම කතාබහ කරලා විසඳගන්න.
🔅ඒකත් මේ වෙලාවේ මතක් වුණ නිසා ලිව්වේ.
—-------------------------------------------
🔅අමාරුවෙන් හොයපු සල්ලිවලින් හැබෑ කරගන්න හදන හීනය වංචාකාර පුද්ගලයෙක් නිසා විනාශ වෙනවා දකින්න කැමති නැති නිසයි මේ ටික ලිව්වේ.
🔅ඉතින් මොලේ කල්පනා කරලා වැඩේ ගොඩ දාගන්න.
🔅හැමෝම එක්ක මේක ශෙයා කරගන්න. තව කීප දෙනෙක්ව බේරගන්නත් පුළුවන් වෙයි අපිට.
🙏🏻🙏🏻🙏🏻එහෙනම් හැමෝටම ජය වේවා.
-විකුම් හර්ෂණ -