
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ලේ සංජීවගේ මරණයට හේතුව ඔහුගේ පපුව ප්‍රදේශයට වැදුණු වෙඩි උණ්ඩ තුනක් හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය බව අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වී ඇති බව පොලිස් ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
පසුගිය 20 වන දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය විශේෂඥ දිලංග බලල්ල මහතා විසින් සිදු කරන ලදී. මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය සංජීව නමැත්තාගේ දේහය හඳුනා ගැනීම සඳහා ඔහුගේ මව සහ වැඩිමහල් සහෝදරිය පමණක් සහභාගී වූ අතර, ඔහුගේ බිරිඳ එම අවස්ථාවට පැමිණ නොසිටි බව වාර්තා වේ.
සංජීවගේ මරණයට හේතුව ඔහුගේ පපුව ප්‍රදේශයට වැදුණු වෙඩි උණ්ඩ තුනක් හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය බව අධිකරණ වෛද්‍ය වාර්තාව කරුනු දක්වමින් කියා සිටියේ වෙඩි තැබීම් ඉතා සමීපව සිට සිදුුකර ඇති බවට නිරීක්ෂණය වුණ බවකි.
මේ හේතුවෛන් බාහිර රුධිරය ගැලීම් වෙනුවට අභ්‍යන්තර රුධිරය වහනයකින් මරණය ළඟාවි ඇත.
වෙඩික්කරු කුඩා පිස්තෝලයකින් ඝාතනය කර එය බිම දමා පලාගොස් තිබුනි.
පශ්චාත් මරණ පරික්ෂණ අවස්ථාවට සංජීවගේ වියපත් මව විශේෂ පොලිස් ආරක්ෂක කණ්ඩායමක් යටතේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන එන ලද සංජීවගේ මව සහ සහෝදරිය රාත්‍රී 8.30 පමණ වනතුරු එහි රැඳී සිටි අතර, පසුව එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබුනි. එසේ පැමිණෙද්දී මව මුහුණ සගවා සිටියාය.
අධිකරණ නියෝගයකට අනුව, මියගිය සංජීවගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත භාර දෙන ලද අතර, 21 වන දින පෙරවරුවේ සිට එහි තැන්පත් කර තිබි සවස භුමිදානය කෙරිණි.
ඊට පෙර එදින පස්වරුවේ මල් ශාලාව වෙත පැමිණි සංජීවගේ සහෝදරිය ඇතුළු ඥාතීන් පිරිසක් අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වූ නමුත් බිරිය දියනිය මව ඊට සහභාගී වූයේ නැත.
පස්වරු 4.00ට පමණ භික්ෂූන් වහන්සේලා නමක් වැඩම කර පාංශුකූල කර්මය සිදු කිරීමෙන් අනතුරුව, මල් ශාලාවේ මෝටර් රථයකින් මියගිය සංජීවගේ දේහය බොරැල්ල කනත්ත වෙත රැගෙන ගොස් මිහිදන් කරන ලදී. මෙම අවසන් කටයුතු සඳහා සංජීවගේ හිතවතුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval