
ගනේමුල්ලේ සංජීව ඝාතනයෙන් පසු පළාගිය සමිඳු නමැති වෙඩික්කරු පුත්තලම ප්‍රදේශයේදී අල්ලාගත්තේ පොලිස් විමර්ශන අනුව සිදුකළ මෙහෙයුමකින් බවත් ඇතැම් මාධ්‍ය පවසන තොරතුරු අනුව ඩුබායිහි සිට ලැබුණ පාවාදීමේ ඔත්තුවකින් බවට පැතිර යන කතා සත්‍යයෙන් තොර බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.
මෙම ඝාතනය සදහා කෝටි එකහමාරක කොන්ත්‍රාත්තුවක් ලැබී ඊට පෙර ලක්ෂ දෙකක අත්තිකාරම් මුදලක්ද ලබාදුන් බවත් ඉතිරිය ඉන්දියාවට පලායාමෙන් පසුු ලබාදීමට එකගව තිබූ බව සැකකරු මේවනවිට පාපොච්චාරණය කර ඇති අතර ඉතිරි සල්ලි දෙනු වෙනුවට ඔහුව පාවාදී ඔහු පලායන වෑන් රථය ගැන පොලිසියට ඔත්තු සැපයූවේ ඝාතනයේ මහමොළකරුවන් විසින්ම යයි හැගෙන ආකාරයට ඇතැම් වෙබ් අඩවි මගින් ප්‍රචාරයන් කර තිබූ අතර මේ කරුණ උපුටමින් මන්ත්‍රී චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී මතු කළ පැනයකට පිලිතුරු දෙමින් ඇමතිවරයා මේ ගැන කීය.
එම තොරතුර පමණක් නොව තවත් විවිධ විකාර අදහස් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව පෙන්වාදුන් ඇමතිවරයා ඒවා හුදෙක් තහවුරු නොකළ ප්‍රචාරයන් පමණක් බව මෙහිදී කියා සිටියේ බොරු දේවල් කියලා අපේ ආරක්ෂක අංංශ මේ සැකකරුවන් අල්ලාගැනීම වෙනුවෙන් කර ඇති කැපවීම අවතක්සේරු නොකරන ලෙසද ඉල්ලමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval