
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල භාවිතා වන ආකෘති පත්‍ර 30ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සකස් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. මෙම සුවිශේෂී පියවර සමඟ මහජනතාවට තම මව්බසින් රාජ්‍ය සේවා ලබාගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.
රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ඩබ්. ප්‍රින්ස් සේනාධීර මහතා මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් පැවසූයේ, මෙතෙක් කල් සිංහල භාෂාවෙන් පමණක් පැවති බොහෝ රාජ්‍ය ආයතන ආකෘති පත්‍ර දෙමළ භාෂාවෙන් නොපැවතීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.
මෙම වැඩසටහනේ මූලික අදියර ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිතර භාවිතා වන ආකෘති පත්‍ර 30ක් තෝරාගෙන ඇති අතර, එම ආකෘති පත්‍ර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සකස් කෙරෙනු ඇත. මෙම ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතනවල සහයෝගය අපේක්ෂා කෙරෙන අතර, තම ආයතනයේ භාවිතා වන ආකෘති පත්‍ර දෙමළ භාෂාවෙන් නොමැති ඕනෑම රාජ්‍ය ආයතනයකට ඒවා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් මෙම වැඩපිළිවෙළට දායක විය හැකි බව සේනාධීර මහතා අවධාරණය කළේය.
මෙම ව්‍යාපෘතිය සඳහා පසුගිය වසරේ සිට සැලසුම් සකස් කර ඇති අතර,
2025 මාර්තු මාසයේ පැවැත්වෙන සිංහල භාෂා දින උත්සවය අරභයා මෙලෙස සකස් කරන ලද මුළු ආකෘති පත්‍ර 90ක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතය. මෙමගින් ඕනෑම රාජ්‍ය ආයතනයකට අවශ්‍ය අවස්ථාවකදී තම සේවාලාභීන්ට ඔවුන්ගේ මව්බසින් ආකෘති පත්‍ර ලබාදීමේ පහසුකම සැලසෙනු ඇත.
මෙම නව වැඩපිළිවෙළ මගින් රාජ්‍ය සේවාවන් ලබාගැනීමේදී භාෂාමය බාධක මගහරවා ගැනීමට හැකිවනු ඇති අතර, එය රටේ ජාතික සමගිය ශක්තිමත් කිරීමටද රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
0 Comments