mahinda-ranil-manusha-sagala-bandula-samantha-bhadra-theros-birthday-celebrated-in-umandhava-photos

 හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා , රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ඇමතිවරුන් වන බන්දුල ගුණවර්ධන, මනුසු නානායක්කාර, සාගල රත්නායක හා රොෂාන් රණසිංහ ඇතුළු පිරිසක් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ පැවති විශේෂ පිංකම් මාලාවකට සහභාගී වී ඇත. මෙම පිංකම් මාලාව පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ පනස් වන ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබිණි.
දින කිහිපයක් පුරා විවිධ වැඩසටහන් සිදුකරමින් මෙම පිංකම පැවැත්වෙන අතර වාර්තා වන පරිදි, මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ සංඝගත දක්ෂිණාවක් පිරිනමා ඇත.
සති කිහිපයකට පෙර අභිනවයෙන් නිරාවරණය කරන ලද රටෙහි විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ හිටපු ජනපතිවරුන් මහත් බැති සිතින් වැඳපුදා ගත් බව ෆේස් බුක් සටහනක දැක්වේ.

ජන්මදින වැඩසටහන් මාලාවට සමගාමීව පසුගිය  23 වන දින විෂ්ණු ශාන්ති මණ්ඩපය අසල නවම් මස සද්ධර්ම දේශනයක් ද පවත්වා තිබේ.
ධර්ම දේශනාව අවසානයේ, වසරකට එක් වරක් පමණක් විවෘත කරනු ලබන උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු ශාන්ති මණ්ඩපයේ ද්වාරය විවෘත කර විෂ්ණු දෙවියන් උදෙසා විශේෂ පූජාවක් ද පවැවැත්වූ බව සමන්ත භද්‍ර හිමිට සම්බන්ධිත සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.
දේශපාලක බැතිමතුන් එක්වූ අවස්ථාවේ ඡායාරූප මේ සමග පළවේ.

gossiplanka01 gossiplanka02 gossiplanka03

gossiplanka04 gossiplanka05 gossiplanka06 gossiplanka07

gossiplanka08 gossiplanka09 gossiplanka10 gossiplanka11 gossiplanka12

gossiplanka13 gossiplanka14 gossiplanka15