list-of-compensation-received-by-former-government-ministers-for-houses-burned-down

අරගල සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි ගැනීමට අලාභ වශයෙන් රජයෙන් රුපියල් කෝටි 122කට ආසන්න වන්දි මුදලක් මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ලබා ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.


ඔහු මේ බව සඳහන් කළේ, මෙම වන්දි මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ඊයේ (ජන. 6) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරමිනි.
අමාත්‍යවරයා හෙළි කළ ලැයිස්තුවට අනුව, වැඩිම වන්දි මුදලක් ලබා ගෙන ඇත්තේ, කෙහෙළිය රඹුක්වැල්ල වන අතර මුදලින් එය රුපියල් ලක්ෂ 959කි. ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක වන්දි මුදලක් ලබා ගෙන තිබේ.
එම වන්දි මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන් 43 දෙනාගේ නම් ලැයිස්තුව පහතින් දැක්වේ.