
වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය කරන වෛද්‍ය නිලධාරියෙකුගේ බන්ධනාගාර නිල නිවසින් රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනාකමක් ඇති මුදල් හා රන් ආභරණ සොරාගෙන ගොස් ඇති බව බොරැල්ල පොලිසිය පවසයි.
පොලිස් වාර්තා අනුව, සොරාගෙන ගොස් ඇති දේපළ අතර රුපියල් 15,000ක මුදලක්, පවුම් දෙක හමාරක් බර රන් අත් පලඳනාවක්, පවුමක් බර සුදු රත්රන් මාලයක් සහ පෙන්ඩනයක් ඇතුලත් වේ.
පැමිණිලිකරු වන වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ ඔහුගේ මවගේ ගමන් බෑගයේ තිබූ රුපියල් 15,000ක මුදල සොයා බැලීමේදී එම මුදල නොතිබීම නිසා ඔහුට සැකයක් ඇති වූ බවයි. ඉන්පසුව නිවසේ කාමරයක අල්මාරිය පරීක්ෂා කිරීමේදී එහි ලාච්චුවේ තැන්පත් කර තිබූ රන් ආභරණ ද නොමැති බව ඔහුට අනාවරණය වී ඇත.
පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම සොරකම සම්බන්ධයෙන් දින කිහිපයකට පෙර සේවයෙන් ඉවත්ව ගොස් ඇති, නිවසේ සේවිකාවක ලෙස සේවය කළ කාන්තාවක් කෙරෙහි සැක පවතින බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 2 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය පවසයි. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශය විසින් මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval