a-whatsapp-chat-indicating-that-the-court-supported-the-police-in-the-murder-of-sanjeewa

ගණේමුල්ලේ සංජීව අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කළ සමිදුට විදේශයක සිට කොමාන්ඩෝ සලින්ත නමැති පාතාල නායකයා වට්ස් ඇප් ඔස්සේ සිදු කළ චැට් සංවාදයක් පොලිසිය ප්‍රසිද්ධ කර තිබේ.
මෙම කොමාන්ඩෝ සලින්ත ගනේමුල්ලේ සංජීව මරාදැමීමෙන් පසු නෙත් එෆ්එම් නාලිකාවටද ඇමතුමක් ගෙන 'ඔන්න අපි සංජීව මැරුවා' යයි පැවසූ පුද්ගලයාය.
මෙම සංවාදය විශ්ලේෂණය කිරීමේදී ඝාතනයට පොලිසිය හා අධිකරණය ඇතුළත සිටි අය සූදානම්  බවට සලින්ත ප්‍රකාශ කරන්නේ 'ඔක්කොම හරි ඔයා ගහන්න' ලෙසිනි.
ඒ අනුව ඝාතනයට පෙර අවට අයද ඝාතනය දැන සිටි ආකාරයක් සැක මතුවන අතර ඝාතකයාට නිදහසේ පලායන්නට හැකියාව ලැබෙන්නේද ඒ ඔස්සේ බවට අනුමාන ඇති කරයි.
එම සංවාදය පහතින්



කොමාන්ඩෝ සලින්ත: “ඔයා වැඩේ කරන්න. ඔක්කොම හරි. බය වෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්, ගහන්න ඔයා බය නැතුව.”

වෙඩික්කරු : “ඇතුළේ අවුලක් නැද්ද? මම ඇතුළේ."

කොමාන්ඩෝ සලින්ත: “ගහන්න සෙට් වෙනවද?

ගහන්න. ඉවරම කරන්න. ඔක්කොම හරි." වෙඩික්කරු: “

පොලිස්කාරයෝ ටික?"

කොමාන්ඩෝ සලින්ත: “ඔක්කොම හරි. ඔයා ගහන්න."

අනතුරුව පෙරවරු 9.54ට වෙඩික්කරු කොමාන්ඩෝ සලින්තට දුරකතන ඇමතුමක් දී ඇත. කොමාන්ඩෝ සලින්ත: "අරු මැරිලා ද?" වෙඩික්කරු: “මැරිලා."



කොමාන්ඩෝ සලින්ත: "උඹ මගේ පණ."

වෙඩික්කරු: “අනේ මොනාද අයියේ මේ කතා? ඔයා මට කන්න බොන්න දීලා තාත්තා කෙනකුටත් වඩා මාව පරෙස්සම් කළා. ඉතින් ඔයා මගේ පණ අයියේ. නංගි තාම එතැන. මම ආවා."