
නීතිපති විසින් පසුගිය ජනවාරි 27 වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන් ඝාතනය වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ නඩුවේ අය වුවත් ඒ අය නිදහස් කරන ලෙස දක්වා ඇත්තේ ඝාතනය සම්බන්ධ නඩු විභාගයෙන් නොවන බවත් වික්‍රමතුංග මහතාගේ රියදුරෙකු පැවරූ
වෙනත් චෝදනාවකට අදාළ නඩුවකින් බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසයි.නඩුවලට අදාළ උදෘත අංක මගින්ද එම කරුණ සනාථවන බව පෙන්වා දෙන නිවේදනය සමාජ මාධ්‍ය ඔස්සේ පතුරා ඇත්තේ එකී වෙනත් නඩුවට සම්බන්ධ නියෝගයක් බව කියා තිබේ.
නීතිපති වෙනුවෙන්, ඇන්ජලෝ වැන්හොෆ් රජයේ අධිනීතිඥ (පරිපාලන) යොමු කර තිබූ
එම නිවේදනය පහත පරිදිය.
මාධ්‍ය නිවේදනයයි.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 92/2009 නඩුකරයට අදාලව නීතිපතිතුමා විසින් 2025.01.27 දිනැතිව අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතා යොමු කොට ඇති ලිපියේ නම් සඳහන් සැකකරුවන් ලසන්න වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නොවේ.
එම මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැත.
ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ලබා දී ඇති ප්‍රකාශවල පවතිත අන්තර්ගතය නිතිපතිවරයා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමු කොට ඇති විමර්ශන උධෘත හා නොසැසදේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදු වී වසර 06 කුත් ඉක්මවීමෙන් අනතුරුව එනම් 2015 වර්ෂයේ එම මහතා ඝාතනයේ ඇසින් දුටු සාක්‍ෂිකරුවකු නොවන ඔහුගේ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත ප්‍රකාශයක් ලබාදෙන අතරවාරයේ දී යම් පිරිසක් විසින් 2009 වර්ෂය අග භාගයේ දී තමා පැහැරගත් බවට දැනුම්දී ඇත.
එම දැනුම දීම මත විමර්ශනයක් ආරම්භ කරමින් ඒ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණය ඉදිරියේ කැඳවූ නඩු අංක බී 92/2000 යටතේම කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත.
එකී විමර්ශනයේ දී සැකකරුවකු ලෙස නම් කරන ලද ප්‍රේම ආනන්ද උදලාගම යන අය ඉදිරිපත් වූ කරුණු අනුව සහ එම හඳුනා ගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ නෛනික දුර්වලතා හේතු කොට ගෙන අපරාධ චෝදනා ගොනු කිරීමට තරම ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමට තීරණය කරන ලදි.
තවද, ලසන්ත වික්‍රමතුංග මහතා ධාවනය කරන ලද වාහනයේ තිබූ ලේඛනයක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලඳ විමර්ශනයේ දී අත් අඩංගුවට ගත් පහත නම් සඳහන් සැකකරුවන්
1) හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල
2) විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර
අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමටද තීරණය කරන ලදී.
මෙම නිදහස් කිරීම, නව සාක්ෂි හෙළිදරව් වීම මත අපරාධ චෝදනා ගොනු කිරීම සලකා බැලීමට බාධාවත් නොවන බව මෙයින් දන්වා සිටිමි.
ඇන්ජලෝ වැන්හොෆ්
රජයේ අධිනීතිඥ (පරිපාලන)
නීතිපති වෙනුවට
Comments
Post a Comment
Your comment will be visible after approval