
කොළඹ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙසත් කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ලෙසත් අද (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පුරප්පාඩුව සඳහා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය පත්කිරීමටද එම කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි සලෝචන ගමගේ මහතා තමාගේ සහෝදරයකු වන බැවින් ඊට අදාළ නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහෙස්ත්‍රාත්වරයකු පත් කරන ලෙස දන්වමින් කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පසුගියදා ලිඛිත දැනුම්දීමක්ද කර තිබුණු අතර එවන් පසුබිමක් තුළ මෙම ස්ථාන මාරු කිරීම් සිදු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval