
නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මිය අත්වැරදීමකින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂෂණ නානායක්කාර මහතා ආචාර්ය හර්ෂණ නානායක්කාර යනුවෙන් ඇමතීමෙන් මැතිසබය ඊයේ (22) පස්වරුවේ එකම සිනා සාගරයක් බවට පත්විය.මේ අත් වැරැද්දට හේමාලී වීරසේකර
මහත්මියද පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ද ලේකම් මණ්ඩලයේ සිටි නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතා මෙන්ම හර්ෂණ නානායක්කාර මහතා ද එක දිගට මහ හඬින් සිනාසෙනු දැක ගත හැකිවිය.පසුව වීරසේකර මහත්මිය ඇමති හර්ෂණ නානායක්කාර යනුවෙන් පවසා එම වරද නිවැරදි කළාය. මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ‘ඇමතිතුමා,,ඔබතුමා එහෙමනම් එතුමියවත් සීඅයිඩී ගෙන යනවද' ? යනුවෙන් විමසුවේය. ඊට ප්‍රතිචාර දැක්වූ නානායක්කාර අමාත්‍යවරයා ‘බයවෙන්න එපා. මම ඔබතුමිය සී අයි ඩී නම් ගෙනියන්නේ නෑ' යනුවෙන් පැවසුවේ මුළු සභාවම යළිත් සිනා සාගරයේ ගිල්වමිනි.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් නානායක්කාර මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය. ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව දිනවල විමර්ශනයක් කරමින් සිටී.
(අංජුල මහික වීරරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval