
රියැදුරු බලපත්‍රයක් මෙන්ම ජාතික හැඳුනුම්පතක් ද නොමැතිව යාපනයේ සිට කොළඹ බලා මෝටර් රථයක් පදවමින් සිටියදී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පා තර්ජනය කළ බවට චෝදනා කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ සැකකරු තමා බව පවසමින් සැකකාර යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා යන අය අධිකරණයට ඉදිරිපත් වුවද එම නඩුවේ සැකකරු ලෙස ඔහු පිළිගැනීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෙම නඩුවේ සැකකරු ලෙස පිළිගැනීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට සහ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දුන්නේ මෙම නඩුවේ සැකකරු ලෙස සිය ජාතික හැඳුනුම්පත ද සමග අද අධිකරණයට ඉදිරිපත්ව සිටින්නේ රාමනාදන් අර්චනා නමැත්තකු බවයි.
එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිය මුල් බී වාර්තාවෙන් කරුණු දක්වමින් සැකකරුගේ නම ලෙස සඳහන් කර ඇත්තේ අර්චුනා ලෝචනා යනුවෙන් බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඒ අනුව අද දින ඉදිරිපත් වන සැකකරුගේ නම සහ මුල් බී වාර්තාව මගින් සඳහන් කර ඇති සැකකරුගේ නම අතර පැහැදිලි පරස්පරතාවක් තිබෙන බව ද ප්‍රකාශ කළේය.
ඒ අනුව රාමනාදන් අච්චුනා යන අය මෙම නඩුවේ සැකකරු ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවද ඔහු කීවේය.ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා මාර්ගයෙන් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.
රියැදුරු බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ද නොමැතිව යාපනය සිට කොළඹ දක්වා මෝටර් රථයක් පදවන අතරතුර එම මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේ දී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා යන අයට එරෙහිව සැකකරුගේ නම ලෙස අර්ජුනා ලෝචනා ලෙස සඳහන් කර අනුරාධපුර මූලස්ථාන පොලිසිය ප
ෙරේදා (21දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එලෙස කරුණු දක්වමින් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් ලෝචනා යන අයට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා පොලිසියට දැනුම් දුන්නේ සැකකරු සිදුකර ඇති බව කියන වැරදි සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් නොකර තිබියදී සැකකරුවකුට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කරමින් නොතීසි නිකුත් කිරිමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව මෙම සිද්ධියේ සැකකරු සිදු කර ඇති බව කියන වැරදිවලට අදාළ චෝදනා පත්‍රයක් පෙබරවාරි 3වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කිරීම පිළිබඳව එදිනට සලකා බැලිය හැකි බව ද දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කර විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. කේ. ජයවීර සහ අනුරාධපුර කොට්ඨාස අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නියාස් යන මහත්වරුන් පෙනී සිටි අතර, ස
ැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා වෙනුවෙන් නීතිඥවරුන් වන සුනන්ද තෙන්නකෝන්, සුසිල් සිරිවර්ධන සහ අමිල කොලොන්න ආරච්චි යන මහත්වරු පෙනී සිටියහ.
මෝසමක් මඟින් මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාද විවෘත අධිකරණයේ පෙනී සිටීම විශේෂයෙන් කැපී පෙනුණි.මෙම නඩුව අවසන්වීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට යමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා මාධ්‍යවේදීන් අමතා පවසා සිටියේ, පොලිස් නිලධාරින්ට තර්ජනය කර බාධා කර ඇත්තේ අර්ජුනා ලෝචනා නමැති පුද්ගලයකු මිස රාමනාදන් අර්චුනා වන තමා නොවන බවයි.
( උපාලි ආනන්ද)
Comments
Post a Comment
Your comment will be visible after approval