
ඩුබායි රාජ්‍යයේ වෙසෙමින් මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් සිදුකරන ‘බඩෝවිට අසංක’ සහ ‘කොස්මල්ලි‘ පාර්ශ්ව දෙක අතර උත්සන්න වී ඇති ගැටුම්වලින් තවත් ජීවිත අහිමි වීම වැළැක්වීම සඳහා පොලිස් වසම් කිහිපයක් ඒකාබද්ධ කරමින් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ගල්කිස්ස පොලිස් කොට්ඨාසය පුරා ක්‍රියාත්මකය. ඒ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ උපදෙස් මතය. ඊට අමතරව විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද මීට අනුයුක්ත කර ඇත. ගල්කිස්ස, කොහුවල, දෙහිවල, අඟුලාන ආදී පොලිස් වසම් කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ගිනි අවි සහිත නිලධාරීන් යොදවා ඇත. ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ අදියර හයම ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදුකෙරේ.
පොලිසිය මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මූලික හේතුව වූයේ ඉකුත් 19 වැනිදා උදෑසන ගල්කිස්ස පොලිස් වසමේ සිරිපාල මාවතේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟය.එලෙස ඝාතනය වූයේ ගල්කිස්ස, බඩෝවිට දෙවැනි අදියරේ පදිංචි 24 හැවිරිදි සවිඳු තරුෂ නමැති අයෙකි.
එම වෙඩි තැබීමත් සමඟ ගල්කිස්ස හා ඒ අවට වාහන තදබදයක් ඇති විය. ඒ අතරතුර පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් වරෙන්තුකරුවකු රැගෙන දෙහිවල පොලිසිය වෙත පැමිණෙමින් සිටියහ. යතුරුපැදියක් ඊට පිටුපසින් විය. වාහන තදබදය අස්සේ එම යතුරුපැදිය ඉදිරියට ධාවනය කිරීමට තැත් කරන්නට වූ අතර ඉදිරියේ ඇති ත්‍රිරෝද රිය ඊට මහත් බාධාවක් ගෙන දුන්නේය. ඉන් කෝපයට පත් යතුරුපැදියේ සිටියවුන් ත්‍රිරෝද රිය ඉවත් කර මාර්ගයේ ඉඩ ලබා දෙන ලෙස කියමින් පරුෂ වචනයෙන් ඔවුනට බැන වදින්නට විය. ඒ ඉක්මනින් පලා යෑම සඳහාය.
මේ අවස්ථාවේ ඊට පිටුපසින් ගමන්ගත් කොස්තාපල් ලහිරු මෙම සිදුවීම දැක ත්‍රිරෝද රියට වෙට්ටු දමා පලා යන්නට උත්සාහ කරන යතුරුපැදිය පසුපස හඹා යන්නට විය. කෙසේ වෙතත් දෙහිවල, කවුඩාන පාරේදී පලායන යතුරුපැදිය හරස්කර සිය පැදිය නතර කරලීමට කොස්තාපල් ලහිරුට හැකි විය. ඒ සමඟම යතුරුපැදියේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා කොස්තාපල් ලහිරු වෙත ගිනි අවියක් දිගුකොට වෙඩි තැබීමට උත්සාහ
කරන යතුරුපැදිය පසුපස හඹා යන්නට විය. කෙසේ වෙතත් දෙහිවල, කවුඩාන පාරේදී පලායන යතුරුපැදිය හරස්කර සිය පැදිය නතර කරලීමට කොස්තාපල් ලහිරුට හැකි විය. ඒ සමඟම යතුරුපැදියේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා කොස්තාපල් ලහිරු වෙත ගිනි අවියක් දිගුකොට වෙඩි තැබීමට උත්සාහ ගෙන ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක වී නැත. ඒ සමඟම කොස්තාපල් ලහිරු තුවක්කුරු වෙත කඩා පැනීමත් සමඟ එම පුද්ගලයාගේ අත තිබූ ගිනි අවිය බිම වැටී ඇත. ඒ සමඟම එම පුද්ගලයා සිය ග්‍රහණයට නතුකර ගත් කොස්තාපල්වරයාගේ සහායට ත්‍රිරෝද රියකින් ගමන්ගත් පොලිස් කණ්ඩායමද එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු දෙහිවල පොලිසියට රැගෙන ගොස් තිබේ. ඒ අතරතුර පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙකු පැදිකරු එතැනින් පලාගොස් ඇත. පසුව කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඊට මොහොතකට පෙර සිර්පාල මාවතේදී තරුෂ නමැත්තාට වෙඩි තබා මරා දැමූ බවය.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ මෙම වෙඩි තැබීම සඳහා ඔහු මෙහෙයවා ඇත්තේ බඩෝවිට අසංකගේ පාර්ශ්වයෙන් බවය.
එමෙන්ම සිය ජීවිතය පරදුවට තබා තුවක්කුකරු අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් ලහිරු (103420) මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙව්රත්න මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔහු පදිංචිව සිටින නිවෙස අවට ආවේක්‍ෂණ රාජකාරියේ යෙදී සිටින අයකු බවද හෙළිවිය.කෙසේ වෙතත් දෙහිවල පොලිසියට රැගෙන ගිය තුවක්කුකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු ගල්කිස්ස පොලිසිය වෙත භාර කෙරුණු අතර ඉන් අනතුරුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට රැගෙන ගියේය.
මෙම ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ එම මනුෂ්‍ය ඝාතනයද බඩෝවිට අසංක සහ කොස්මල්ලි අතර ඇතිව තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් මත සිදුවූවක් බවය. ඒ අනුව මේ වන විට ගල්කිස්ස සහ ඒ අවට සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගියේය. මෙම දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුමෙන් අනතුරුව ඉකුත් වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා මෙම සිද්ධීන්වලට සම්බන්ධ මුල් ඝාතනය සිදුවන අතර එහිදී තුවක්කුකරුවන් අතින් මැරුම්කන්නේ බඩෝවිට තරිඳු සුවාරිස් නමැත්තෙකි.
එම සිද්ධියෙන් දින දෙකකට පසු දෙහිවල සරණංකර පාරේ හෝටලයක් තුළ සිටි ආනන්ද නමැති අයකු වෙඩි තබා ඝාතනය කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ පොලිසිය අනාවරණය කරගන්නේ එම
පුද්ගලයන් දෙදෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංකගේ සමීපතමයන් බවකි. ඒ අනුව මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ අසංකගේ විරුද්ධ පාර්ශ්වය වන කොස්මල්ලිගේ මෙහෙයවීම මත බවට නිලධාරීන් සැක කරන ලදී. ගතවූයේ තවත් දින පහකි. ඒ සැප්තැම්බර් මස 20 වැනිදාය. තවත් පුද්ගලයකු දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය. එලෙස මරාදමා තිබුණේ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයකු වූ අනුර කොස්තා නමැත්තෙකි. ඔහු විදේශගතව සිටින චූවා
සමන්තගේ මස්සිනාය. සමන්ත බඩෝවිට අසංකට එරෙහිව කොස්මල්ලි සමඟ සිටින අයෙකි. ඒ අනුව විමර්ශන නිලධාර්න් සැක කළේ බඩෝවිට තන්ඳු සහ ආනන්ද යන දෙදෙනා ඝාතනය කිර්මට පළිගැනීමක් ලෙස කොස්තා මරා දමන්නට ඇති බවය. ඒ අනුව කොස්තා ඝාතනය බැරවූයේ බඩෝව්ට අසංකගේ ගිණුමටය.
ඒ නොවැම්බර් මස 13 වැනිදාය. නාඳුනන තුවක්කුකරුවන් යළි ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයට කඩාපැන්නේය. ටී. පනස්හය ගිනි අවියක් එල්ල කොට දැවැන්ත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ ඔවුහු පැමිණි යතුරුපැදියේම නැඟී පලාගියහ. වෙඩි ප්‍රහාරයෙන් ගයාෂාන් චතුරංග නමැත්තා ජීවිතක්‍ෂයට පත්විය.විමර්ශන ඇරැඹූ පොලිසිය සැක කළේ බඩෝවිට අසංකට එරෙහිව කොස්මල්ලි පාර්ශ්වයෙන් එම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවය, ගයාෂාන්ට ඊට පෙරත් කොස්මල්ලිගේ පාර්ශ්වයෙන් මරණ තර්ජන එල්ලව තිබූ අතර ඒ නිසා ගයාෂාන්ගේ ඝාතනය කොස්මල්ලි ගිණුමට බැරවිය. එමෙන්ම කොස්තා මරා දැමීමට එකට එකක් කිරීම මත ගයාෂාන් මරා දමන්නට ඇතැයි නිලධාහු සිතූහ.
කෙසේ වෙතත් මාසයකට වැඩි කාලයක් දෙපාර්ශ්වයම නිහඬ වූහ. පොලිසිය පවසන්නේ දිගින් දිගටම සිදුවූ වෙඩි තැබීම් නිසා පොලිසිය මෙන්ම අවිගත් එස්.ටී.එෆ්. නිලධාර්ම්ක ගල්කිස්ස, බඩෝවිට සහ ඒ අවට යෙදවීම නිසා තුවක්කුකරුවන් එම කාලය තුළ වෙඩි තැබීම් සිදු කරන්නට නැති බවය. ඒ එස්.ටී.එෆ්. නිලධාරීන්ගෙන් මැරුම් කන්නට වෙතැයි යන සැකය නිසා වන්නට ඇත.
මෙම නිහඬතාව බිඳිමින් යළි ගිනි අවි පත්තු විය. ඒ ඉකුත් 7 වැනිදාය. නාඳුනන තුවක්කුකරුවන් ගල්කිස්ස, වටරප්පල පාරේ නිවෙසකට 7 වැනිදා අලුයම කඩා වැදී එම නිවෙසේ සිටි පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා මරා දැමීය.සිද්ධියෙන් මරණයට පත්වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල සාමාජිකයකු වූ ඇටයා නමැත්තාගේ මාමා සහ මස්සිනාය. ඇටයා ඒ වන විට සිටියේ මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේය.
කොස්මල්ලි සහ ඇටයා අතර කාලයක් තිස්සේද දැඩි වෛරයක් තිබිණි. ඇටයා මේ වන විට බන්ධනාගාර ගතව සිටීම නිසා ඇටයා මරා දමන්නට අපහසු වීම මත ඇටයාගේ ඥාතීන්ට වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැක කළේය. ඒ සමඟම දෙපාර්ශ්වය අතර සිදුවූ ඝාතන රැල්ල 6ක් දක්වා වැඩි විය.
7 වැනි ඝාතනය පොලිසියට වාර්තා වන්නේ ඉකුත් 19 වැනිදාය. ඒ ගල්කිස්ස සිරිපාල මාවතේදීය. මෙම ඝාතනය සිදුවන්නේද පොලිසිය සහ එස්.ටී.එෆ්. භටයන් රැකවල්ලා සිටියදීය. තුවක්කුකරුවන්ට ඔවුන් අදාළ නැත. ලැබෙන කොන්ත්‍රාත්තුවට අනුව කෙසේ හෝ ගොස් තම ඉලක්කය සපුරා ගැනීම තුවක්කුකරුවන්ගේ අරමුණය. කෙසේ හෝ ඉකුත් 19 වැනිදා ඝාතනය සිදුකළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු පොලිස් කොස්තාපල්වරයකුගේ දක්‍ෂතාව මත අත්අඩංගුවට පත්වීම අගය කළ යුතුය. මේ අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් ගිනිඅවිය සමඟ භාරගත් සිරිපාල මාවතේ වෙඩි තැබීමට යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා එම වෙඩි තැබීමේ වෙඩික්කරු බව පොලිසිය ඒ මොහොතේ පැවැසුවද මේ වන විට අනාවරණය වන්නේ ඔහු එම වෙඩි තැබීමට යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවය.
කෙසේ වෙතත් ඔහුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු එම සිද්ධියට අදාළ වෙඩික්කරු ඉකුත් 24 වැනිදා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ බියගම ප්‍රදේශයේ සිටියදීය.
යුද හමුදාවේ 19 වැනි ගැමුණුහේවා බළකායේ රාජකාරී කර ඇති මොහු 2011 වසරේ පොදු සමා කාලයේදී යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී ඇත. කිසියම් වරදකට මහර බන්ධනාගාර ගතවූ මොහුට නාත් නමැත්තා එහිදී මුණගැසී තිබේ. බන්ධනාගාරය තුළදී ඇති කර ගත් මිතුරුකම ඉන් පිටතට පැමිණීමෙන් පසුවද දෙදෙනා අතර විය. ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ බඩෝවිට අසංකගේ සමීපතමයකු නාත් නමැත්තා දුරකථනයෙන් අමතන්නේ ඔය අතරය. "වැඩක් තියෙනවා. එකෙක්ට ගහන්න ඕන. මොකද කියන්නේ, ලක්ෂ 15ක් දෙන්නම්, අසංකගේ සමීපතමයා කියන ඉල්ලීමට නාත් කැමැති විය. ඒ නාත් අතේ කිසිදු මුදලක් ඒ වන විට නොතිබූ නිසාය. ඉන් අනතුරුව නාත් බන්ධනාගාරයේදී හමුවූ සිය මිතුරා වූ හමුදා සෙබළා බඩෝවිට අසංකගේ සමීපතමයාට දුරකථනයෙන් සම්බන්ධ කරදී ඇත. දෙදෙනා අතර සාකච්ඡාව යන්නේ ඇප් එකක් හරහාය. "මොකද කියන්නේ එකෙක් ඉන්නවා ගහලා දානවද..?"
"හරි... පුළුවන්..."
“එහෙනම් එකවුන්ට් නම්බරේ දාපන්" ඒ අනුව හමුදා සෙබළා අසංකගේ සමීපතමයාට සිය ගිණුම් අංකය ලබාදී ඇත. දෙදෙනා අතර ඇති වූ සාකච්ඡාවෙන් පසු 13 වැනි දින හමුදා සෙබළා කොළඹට පැමිණෙන අතර ඔහුගේ ගිණුමට රුපියල් 15,000ක්ද බැරවී තිබුණේය.
"රත්මලාන එයාපෝර්ට් එක ගාවට යන්න. ස්කූටි බයික් එකක කොල්ලෙක් එක්කගෙන යාවි ගෙදරකට. එහෙ නැවැතිලා ඉන්න මම කියනකම්.” ඒ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු උපදෙස්ය. කී පරිදිම ස්කූටි යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයකු හමුදා සෙබළා රත්මලාන ගුවන් හමුදාවට නුදුරු වත්තක නිවෙසකට ඔහු රැගෙන යන අතර එහිදී ඔහුට නාත් හමුවී ඇත. 14 වැනිදා සිට 18 වැනිදා දක්වා දෙදෙනාම සිටින්නේ එම ගෙදරය.කන්න බොන්න පමණක් නොව අවශ්‍ය මත්ද්‍රව්‍ය පවා ඔවුන්ට ලබා දෙන්නේ අසංකගේ සමීපතමයාගේ උපදෙස් මතය.
"19 වැනිදා වැඩේට යන්න ලෑස්ති වෙයන්. ස්කූටි බයික් එකේ යන එකා ගහන්න ඕන මිනිහව පෙන්නාවි. ඌට විතරක් ගහපන්. ගෑනියි, ළමයටයි මුකුත් වෙන්න බැහැ හොඳද."
ඒ අනුව 19 වැනිදා උදෑසන වෙඩි ප්‍රහාරයට යෑම සඳහා අවශ්‍ය යතුරුපැදිය සහ ගිනිඅවිය තවත් පුද්ගලයකු විසින් එමනිවෙසට ගෙනැවිත් දී ඇත.
යතුරුපැදිය පදින්නේ නාත්ය. හමුදා සෙබළා පසුපස අසුනේය. ඉදිරිපසින් ස්කූටි බයික් එකක තවත් අයෙකි. තුවක්කුකරුවන්ට ඉලක්කගත පුද්ගලයා පෙන්වීම ඔහුට අයත් කාර්ය විය. ඔහුගේ මඟපෙන්වීම මත
ගල්කිස්ස සිර්පාල මාවතේදී මොවුන් ඉලක්ක ගත පුද්ගලයාට වෙඩි තබා තිබේ. ඉන් අනතුරුව හමුදා සෙබළා දිවවිත් යතුරුපැදියට නැඟගත්තද පැදිය ක්‍රියාත්මක වී නැත. පසුව නාත් පසුපසට දමාගත් හමුදා සෙබළා යතුරුපැදිය ධාවනය කර තිබේ. ඒ සිය අවිය පිටුපස අසුනේ සිටි නාත්ට ලබා දීමෙන් පසුවය.
නාත් දෙහිවල පොලිස් නිලධාරීන්ට කොටුවන අතර තුවක්කුකරු යතුරුපැදියද සමඟ පලාගොස් එය අතරමඟ දමා යන්නේ එය හන්හැටි ක්‍රියාත්මකනොවන නිසාය. ඉන් අනතුරුව බසයකින් පිටකොටුවට පැමිණෙන තුවක්කුකරු පිටකොටුවෙන් බියගමට ගොස් ඇති අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත්තේ බියගම ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පවසන්නේ වෙඩි තැබීමෙන් පසුද ඔහුගේ ගිණුමට රුපියල් 50,000ක් බැර වූ බවය. පොරොන්දු වූ රුපියල් ලක්ෂ 15 බැර කිරීම සඳහා අසංකගේ පාර්ශ්වයෙන් ගිණුම් අංකයක් ඉල්ලා ඇති අතර එම මුදල බැරවීමට කලින් මොහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර ඇතුළු කණ්ඩායමට හැකි විය.
කෙසේ වෙතත් මෙම ඝාතන 7ට සම්බන්ධ තුවක්කුකරුවන් තිදෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව හමාරය.එම තුවක්කුකරුවන්ගෙන් ප්‍රශ්න කිර්මෙන් පසු බඩෝවිට තරිඳු සහ සරණංකර පාරේ ආනන්ද ඝාතනය කළ ආකාරය හෙළිවිය. ඉන් අනතුරුව දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ අනුර කොස්තා නමැත්තා වෙඩි තබා මරා දැමූ තුවක්කුකරුද කොටුකර ගැනීමටද නිලධාරීන්ට හැකි විය. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් ඝාතනයක් සිදුකිර්ම සඳහා පිස්තෝල අවියද රැගෙන යතුරුපැදියකින් යමින් සිටියදීය. එම තුවක්කුකරුවන් බඩෝවිට අසංකගේ පාර්ශ්වයට මෙන්ම කොස්මල්ලිගේ පාර්ශ්වයන්ටද සම්බන්ධ වූවන්ය.කෙසේ වෙතත් ගයාෂාන්ගේ ඝාතකයා තවමත් නිදැල්ලේය. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ඇටයාගේ මස්සිනා සහ මාමා වෙඩි තබා මරා දැමූ තුවක්කුකරුවන්ද තවමත් පොලිසියට කොටුවී නැත. ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.
කීර්ති මෙන්ඩිස්
Comments
Post a Comment
Your comment will be visible after approval