sugath-tilakaratne-speaks

අප පසු කරමින් ඉදිරියට යන නව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ඉතිහාසයේ ලිවීමට හැකි නම් එය මෙරට ක්‍රීඩාවේ සැබෑ ජයග්‍රහණය බව ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පැවසීය.



ක්‍රීඩාව පවතිනුයේ ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම උදෙසා පමණක්ම නොව, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නිර්මාණය කිරීම උදෙසා යැයිද එමෙන්ම නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මහනුවර සහස් උයනේ දී පැවැති ශ්‍රී ලංකා බොක්සිං සංගමය (BASL) විසින් සංවිධානය කළ ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාවලිය  එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් නියෝජ්‍ය  අමාත්‍යවරයා මේ බව කීය.
(අංජුල මහික වීරරත්න)