
ICC කාන්තා ශූරතාවලියේ ශ්‍රේණිගතකිරීම්හි 5 වැනි ස්ථානය තහවුරු කර ගනිමින් ශ්‍රී ලංකාව වසර 16කට පසුව කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට ඍජුව සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති එක් දින ක්‍රිකට් තරගාවලිය 2ට 0ක් ලෙස ඔස්ට්‍රේලියාව ඊයේ (23) ජය ගත්තේ ය.
එම ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් ICC කාන්තා ශූරතාවලියේ ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගත්තේ ලකුණු 39ක්ද සමගිනි.
ශ්‍රේණිගතකිරීම්හි පළමු ස්ථාන 6 හිමි රටවල් ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ලබන වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි කරගනී.
ඒ අනුව, ICC කාන්තා ශූරතා නවතම ශ්‍රේණිගතකිරීම්හි පස්වැනි ස්ථානය තහවුරු කර ගත් ශ්‍රී ලංකාවටද එම අවස්ථාව හිමි විය.
ඔවුන් අවසන් වරට ඍජුවම ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබුවේ 2008 වසරේදීයි.
Comments
Post a Comment
Your comment will be visible after approval