
රාත්‍රී කාලයේ නිවෙසක් බිඳ මහන මැෂිමක රුපියල් අනූදහසක් වටිනා ඉහළ කොටස සොරාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය පරීක්ෂණ පවත්වයි. නවුත්තුඩුව, අකාඩමුල්ලේ පදිංචි ඕබඩ කංකානම්ගේ දුෂාරා ලක්මාලි (38) යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
තම ස්වාමිපුරුෂයා තමාගෙන් වෙන්ව සිටින අතර, තමා දරුවා සමඟ නිවෙසේ පදිංචිව සිටින බවත්, සොයුරියගේ නිවෙසේ යම් කටයුත්තකට උදව් වීමට ඉකුත් 27 වැනිදා උදෑසන 11.00ට පමණ එහි ගිය බවත්, පසුදා උදෑසන 7.30ට පමණ යළි පැමිණ බලන විට නිවෙසේ ඉදිරි දොර හැර දමා තිබූ බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ. නිවෙසට ඇතුළු වී පරීක්ෂා කර බලන විට දින කීපයකට පෙර මිලට ගත් මහන මැෂිමේ රුපියල් අනූදහසක් වටිනා ඉහළ කොටස කිසිවකු විසින් ගලවාගෙන ගොස් තිබූ බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් ය.
වැලිපැන්න පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති දිලුම් කුෂාන්ත මුණසිංහ මහතා මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(කළුතර සුනිල් ස්ටැන්ලි)
Comments
Post a Comment
Your comment will be visible after approval