
මහා වැස්ස සමග ඇතිවූ සීතලට ඇඟ උණුසුම් කර ගැනීමට ගිනි ගොඩක් ගැසූ මුලතිව් සිලාවත්ත ප්රදේශයේ පුද්ගලයකු එම ගින්නට වැටී 29 දා මියගොස් ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ එම ගම්මානයේ පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සිය නිෙවස වැසි ජලයට යට වීමෙන් පසුව නිෙවසේ ජීවත් වීමට නොහැකි නිසා මහ වැස්සේම සිය පුතාගේ නිෙවසට ගොස් ඇති බවත්, ඒ යන අතරමඟදී ඔහු වැස්සට තෙමීම නිසා ඇඟ වෙව්ලන්නට පටන් ගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පොලීසිය කියයි. ඒ හේතුවෙන් සීතලෙන් මිදීමට සිය පුත්රයාගේ නිෙවස අසල ගිනිමැළයක් ගසා ඇඟ උණුසුම් කර ගනිමින් සිට ඇති මෙම මරණකරු හදිසියේම එම ගින්නට වැටී පිලිස්සී ඇතැයි පොලීසිය සඳහන් කරයි. පසුව එම තැනැත්තාව මාංචෝලෙයි රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු රෝහලේදී මිය ගොස් තිබිණි. මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
(රසුල දිල්හාර ගමගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval