pc-passport-police

 ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තු­වට විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් ලබා­ගැ­නී­මට පැමිණි පුද්ග­ල­යකු තමාගේ හිත­ව­තකු බවට සාවද්‍ය ලෙස පවසා හොර පාරෙන් ගමන් බල­ප­ත්‍ර­යක් අරන් දීමට උත්සාහ දැරූ පොලිස් කොස්තා­ප­ල්ව­ර­ය­කුගේ වැඩ තහ­නම් කර ඇත.



එලෙස වැඩ තහ­න­මට ලක් කර ඇත්තේ නාර­හේ­න්පිට පොලිස් ස්ථාන­යට අනු­යුක්ත සුහු­රු­පාය පොලිස් මුර­පොළේ රාජ­කා­රියේ යොදවා සිටි කොස්තා­ප­ල්ව­ර­යෙකි.

ඉකුත් 19 වැනි දින කොස්තා­ප­ල්ව­රයා සුහු­රු­පාය පොලිස් මුර පොළේ රාජ­කා­රියේ යොදවා සිටි­යදී එම ස්ථාන­යෙන් බැහැ­රව විදේශ ගමන් බල­ප­ත්‍ර­යක් ලබා ගැනීම සඳහා බළ­න්ගොඩ සිට පැමිණි පුද්ග­ල­යකු සමඟ ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ හදිසි අව­ස්ථා­වන් සඳහා විදේශ ගමන් බල­පත්‍ර ලබා­දීමේ නිර්දේශ මණ්ඩ­ලය වෙත ගොස් එම පුද්ග­ලයා තමාගේ ඥාති­යකු බව පවසා ඇත.

ඒ තුළින් ඔහු උත්සාහ දරා ඇත්තේ එම පුද්ග­ල­යාට නිසි ක්‍රම­වේ­ද­යෙන් පිට විදේශ ගමන් බල­ප­ත්‍රය ලබා ගැනී­මට අව­ස්ථා­වක් ලබා­ගැ­නී­ම­ටය.

මෙම විෂ­මා­චාර ක්‍රියාව හේතු­වෙන් පෙරේදා (28) මෙම කොස්තා­ප­ල්ව­ර­යාගේ වැඩ තහ­නම් කර ඇත්තේ කොළඹ දකුණ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ලූෂන් සූරි­ය­බ­ණ්ඩාර මහ­තාය.
(බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ)