morakola-perahera-issue

ගාල්ල, දොඩ­න්දූව, මොර­කොල ගංගා­රාම විහා­ර­ස්ථා­නයේ පෙරේදා (28) සවස පැවති සංඝ­මිත්තා පෙර­හරේ ගමන් කළ අලි­යකු කුල­ප්පුවී ඇත්ගොව්වා බිම දමා පාගා ඇති බවත් බර­ප­තළ තුවාල ලැබූ ඇත්ගොව්වා කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කෙරුණු බවත් හික්ක­ඩුව පොලී­සිය පව­සයි.

පෙර­හර ගමන් කර­මින් සිටි­යදී දොඩ­න්දූව පාලම අස­ලදී කුලප්පු වූ අලියා, ඇත් ගොව්වා බිම දමා පෑගී­මත් සමඟ පෙර­හර නැරැ­ඹී­මට පැමිණ සිටි පිරිස් හිස් ලූ ලූ අත දිව යන්නට වූහ. මෙහිදී අලියා පිටේ ගමන් කර­මින් සිටි අයෙකු ද අලියා පිටෙන් වැටී තුවාල සිදුව ඇත.

මෙම පෙර­හර සඳහා ගෙන්වා තිබූ බිබිල නම් හස්තියා මෙලෙස කුලප්පු වීමෙන් ඇත්ගොව්වා උස්සා බිම දමා පාගා ඇතැයි වාර්තා වෙයි.

පෙර­හර නැර­ඹී­මට පැමිණි පිරිස් සී සී කඩ දිව යද්දී ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දිව­ගිය අලියා මෙල්ල කර ගැනී­මට තවත් ඇත්ගො­ව්වකු කට­යුතු කර තිබූ බවද සඳ­හන් වෙයි.

බිම දමා අලියා විසින් පාගා දැමූ ඇත් ගොව්වා පසුව කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කරන ලදි.

ඇත් ගොව්වා දැඩි සත්කාර ඒක­ක­යට ඇතු­ළත් කෙරුණු බව කරා­පි­ටිය රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැවැ­සු­වේය. ඔහුගේ ඉළ ඇට දෙක­කට දැඩිව හානි සිදුව ඇතැයි ද එම ප්‍ර‍කාශ­කයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

අලියා කුලප්පු වීමට හේතු වූයේ කුමන කාර­ණ­යක් ද යන්න සම්බ­න්ධ­යෙන් මෙතෙක් තොර­තුරු අනා­ව­ර­ණය වී නැති බවත් ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු කරන බවත් පැව­සීය. ඇත්ගො­ව්වා­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මෙන් අන­තු­රුව අලියා කුලප්පු වීමට හේතුව අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි­වනු ඇති බව පොලී­සිය සඳ­හන් කළේය.
(එස්. දීය­ග­හගේ,එස්. ලොකු­ක­ර­විට සහ ආර්. ඤාණ­දාස)