
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල මහාචාර්ය තනතුරු නාම භාවිතය සම්බන්ධයෙන් නව නියාමන හඳුන්වා දී තිබේ. මෙම නව නියාමන යටතේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය යන තනතුරු නාම භාවිත කළ හැක්කේ අදාළ අධ්‍යාපන ආයතනයේ සේවා කාලය තුළ පමණක් බව පැහැදිලි කර ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් පසුගිය ජූලි මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් මෙම නව නියාමන පිළිබඳව සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සරසවි මණ්ඩප ප්‍රධානීන් හා උසස් අධ්‍යාපන ආයතන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබේ.
කෝප් කමිටුවේ නිර්දේශ මත පදනම්ව 2024 ජූලි 03 වැනි දින පැවති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 1120 වැනි රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. විශේෂයෙන් සඳහන් කර ඇත්තේ මහාචාර්යවරුන් විශ්‍රාම ගැනීමෙන් පසු 'සම්මානිත මහාචාර්ය' යන තනතුරු නාමය භාවිත කළ හැක්කේ අදාළ විශ්වවිද්‍යාලය විසින් එය ප්‍රදානය කළහොත් පමණක් බවයි.
මේ අනුව, නව පත්වීම් ලබාදීමේදී මෙම නියාමන පත්වීම් ලිපිවල ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස සියලු අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval