
ලබන 2025 වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ දෙකේම කාලසටහන් ආණ්ඩුව විසින් තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව, කල් දමන ලද පළාත් පාලන මැතිවරණයේ පැවති නාමයෝජනා අහෝසි කර, අලුතින් නාමයෝජනා කැඳවීමට නියමිතය. මෙම නව සැලසුම් අනුව පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මස මුල් භාගයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
වසර හතකට අධික කාලයක් පැවැත්වීමට නොහැකි වූ පළාත් සභා මැතිවරණය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටද සැලසුම් කර ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දෙයි.
මේ අතර, මෙම මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවද සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval