
යුරෝපයේ පිහිටි රටක් වන ජෝජියානු ජනාධිපතිනි සලෝම සුරබිෂ්විලි සෙනසුරාදා රජය නීති විරෝධී බව පවසමින් ඇගේ ධුර කාලය ලබන මාසයේ අවසන් වන විට ධුරයෙන් ඉවත් නොවන බව පවසා තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේ ඇයට විරුද්ධ අගමැතිවරයා පැවසුවේ රට තුළ විප්ලවයක් සිදුවීමට රාජ්‍යය ඉඩ නොදෙන බවයි.
යුරෝපා සංගමයට අයිත නැතත් එයට එක්වීමට උත්සාහ කරන ජෝජියාවට එරෙහිව ඉදිරි වසර හතර සඳහා ප්‍රවේශ සාකච්ඡා අවශ්‍ය නැතැයි තහනමක් පනවා තිබෙන පසුබිමක මෙම දේශපාලන අවුල් ජාලය සිදුවෙයි.
යුරෝපා සංගම් සාමාජිකත්වය ජෝර්ජියාවේ ආන්ඩුවකට පැවැත්ම තීරණය කරන තරම් වැදගත්වී ඇති අතර සාකච්ඡා අත්හිටුවීම රටේ විශාල විරෝධතා සඳහා හේතුවිය. යුරෝපා සංගම් සාමාජිකත්වය ලබා ගැනීමේ අරමුණ එරට ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති දෙයකි.
ජෝර්ජියාවේ දේශපාලන ක්‍රමය අනුව ජනපතිවරණයක් නැති අතර ජනපති තෝරන්නේ පාර්ලිමේන්තුවෙනි.
සෙනසුරාදා ජනපතිනි සුරබිෂ්විලි පැවසුවේ දෙසැම්බර් මාසයේදී ඇගේ ධුර කාලය අවසන් වන විට ඇගේ අනුප්‍රාප්තිකයා තේරීමට පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නොමැති බවත්, ඇය තනතුරේ රැඳී සිටින බවත්ය.
ජෝජියානු වත්මන් පාලක පක්ෂය ඡන්දයෙන් 54%ක් පමණ ලබා ගත් ඔක්තෝබර් 26 මැතිවරණය වංචනික එකක් බවත්, එමගින් තෝරා පත් කර ගත් පාර්ලිමේන්තුව නීති විරෝධී බවත් සුරබිෂ්විලි සහ අනෙකුත් රජයේ විවේචකයෝ පවසති.
"නීත්‍යානුකූල පාර්ලිමේන්තුවක් නොමැති අතර, එබැවින් නීති විරෝධී පාර්ලිමේන්තුවකට නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත නොහැක. එබැවින්, කිසිදු දිවුරුම් දීමක් සිදු කළ නොහැකි අතර, නීත්‍යානුකූලව තෝරා පත් කර ගත් පාර්ලිමේන්තුවක් පිහිටුවන තුරු මගේ වරම දිගටම පවතී," ඇය පැවසුවාය.



Comments
Post a Comment
Your comment will be visible after approval