fuel-prices-change

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙයි.
 ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ දමා තිබෙන අතර නව මිල වන්නේ රුපියල් 309කි.


ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 286කි.
භූමිතෙල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 5කිනි. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 188ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල නොවෙනස්ව පවතින බව දක්වා ඇත.
මෙම මිල ගණන් සමාන ලෙස අනෙක් ඉන්ධන සමාගම් වලින්ද වෙනස් කර ඇත.