
රුපියල් 150,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අදාළ විදුහල්පතිනිය පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත්කර ගැනීම සඳහා මෙම මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.
එම මුදල එම විදුහලේ පාසලේ කාර්යාලයේදී ඊයේ ප.ව. 4.00ට පමණ ලබාගැනීමේදී ඇයව මෙලෙස අත්අඩගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval