
ජාතික ජන බලවේග පක්ෂයේ මහලේකම් සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය පාර්ලිමේන්තුවේ ජල පොකුණට ඇද වැටී අනතුරට ලක්ව ඇත.
පොලිස් වාර්තා අනුව, අනතුර සිදුවූ අවස්ථාවේ මන්ත්‍රීවරයා මෝටර් රථයේ නොසිටි අතර, පාර්ලිමේන්තුවේ පැවති වැඩමුළුවකින් පසු ඔහු රැගෙන යාමට පැමිණි රියදුරු විසින් රථය පදවන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් රියැදුරාට කිසිදු හානියක් සිදුව නොමැති අතර, පාර්ලිමේන්තු සේවකයන් ඔහුව ආරක්ෂිතව ගොඩට ගෙන ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් වාහනය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval