
අධික වර්ෂාව හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවීමට පැමිණි ගුවන් යානා හයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළට යොමු කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාවේ චෙන්නායි නුවරින් සහ මාලදිවයිනේ මාලේ නුවරින් පැමිණි ගුවන් යානා මෙන්ම අබුඩාබි නුවරින් පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයද මත්තල ගුවන්තොටුපොළට යොමු කර ඇත. තවද, ජපානයේ නරිටා නුවරින්, ඩුබායි නුවරින් සහ ඉන්දියාවේ චෙන්නායි නුවරින් පැමිණි ගුවන් යානා තුනක් ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළට යොමු කර තිබේ.
එමෙන්ම, චීනයේ චංඩු ගුවන්තොටුපොළේ සිට පැමිණි චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානය, අයහපත් කාලගුණ තත්ත්වය පැවතියද කටුනායක ගුවන්තොටුපොළට සාර්ථකව ගොඩබැස්සවීමට හැකි වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval