Facebook-is-spending-$10-billion-to-connect-the-world-with-its-own-W-shaped-cable-network

Facebook, Whatsapp ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා අයත් මෙටා ප්ලැට්ෆෝම්ස් සමාගම ගෝලීය වශයෙන් කිලෝමීටර 40,000ක් දිගු මුහුදු යට කේබල් පද්ධතියක් ඉදිකිරීමට ඩොලර් බිලියන 10ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ දක්වා අන් සමාගම්වලට අයත් කේබල් පද්ධති කුලියට ගනිමින් සිය සේවා පවත්වාගෙන ගිය සමාගමට මෙම නව පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසු තමන්ගේම කේබල පද්ධතියක් යටතේ වැඩි ලාභ උපයන්නට අපේක්ෂා කර ඇත.

 මෙය මෙටා සමාගම සම්පූර්ණයෙන්ම හිමිකාරීත්වය දරන පළමු මුහුදු යට කේබල් ව්‍යාපෘතිය වන අතර, එමඟින් එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදයේ බටහිර වෙරළ "W" හැඩයෙන් සම්බන්ධ කෙරේ.මෙම සැලැස්මට අනුව ඉන්දියාවේ මුම්බායි හා චෙන්නායි දෙපසටම කේබල් ඇදීමට අපේක්ෂා කරන බැවින් ශ්‍රී ලංකාව වටා කේබල් පථ දෙකක් සම්බන්ධවීමද විශේෂිතය.
මෙම ව්‍යාපෘතිය මඟින් අන්තර්ජාල ගමනාගමනය පාලනය කිරීමට සහ කෘත්‍රිම බුද්ධි මුල පිරීම් සඳහා සහය දැක්වීමට අපේක්ෂා කරන අතර, භූ දේශපාලනික අවදානම් ප්‍රදේශ මග හරියි. කෙසේ වෙතත්, සම්පත් හිඟය සහ ක්‍රියාත්මක කිරීමේ කාල සීමාවන් දීර්ඝ වීම වැනි අභියෝගවලට මුහුණ දීමට සිදු වේ.



මෙටා සමාගම තමන්ගේම භාවිතය සඳහා ගෝලීය ප්‍රමාණයේ මුහුදු යට ප්‍රකාශ තන්තු කේබල් පද්ධතිය කිලෝමීටර 40,000කට වැඩි නව කේබල් ජාලයක් ගෝලීයව ස්ථාපනය කෙරෙන නමුත්, රතු මුහුද, දකුණු චීන මුහුද, ඊජිප්තුව, මාසෙල්ස්, මලක්කා සමුද්‍ර සන්ධිය සහ සිංගප්පූරුව වැනි මුහුදු යට කේබල් විනාශ කර ඇති "භූ දේශපාලනික ගැටුම් සහිත ප්‍රදේශ" මග හරින බවද සඳහන් කර ඇත.

මෙටා සමාගම දැනටමත් පවතින ජාල 16ක කොටස් හිමිකරුවෙකු වුවද, මෙම නව කේබල් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම සමාගමට අයත් වනු ඇති අතර - එමඟින් සමාගමේම නිෂ්පාදන සහ සේවාවන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට පූර්ණ පාලනයක් ලබා දෙයි. මෙමඟින් මෙටා සමාගම, කේබල් මාර්ග කිහිපයක පුද්ගලික හිමිකාරීත්වය දරන සහ තවත් කේබල් 33ක ආයෝජනය කර ඇති ගූගල් සමාගමේ ප්‍රයත්නයන්ට සමාන තත්වයකට පත් වනු ඇත.
මුහුදු යට කේබල් පද්ධතිය සම්පූර්ණ කිරීමට වසර 5-10ක් පමණ ගත විය හැකි බව ඇස්තමේන්තු කර ඇත.