මෙම සංසිද්ධියට මුල් වූයේ පසුගියදා අන්තර්ජාලයේ වැඩිහිටි වෙබ් අඩවි රැසක දර්ශනයවූ වීඩියෝවකි. එහි නිරුපණය වූයේ නාන කාමරයක් තුළ ඇඳුම් උනා දමා නිරුවත පෙන්වන තත්පර කිහිපයක් රඟන දර්ශනයකි.මෙය විමසිල්ලෙන් බලද්දී හඳුනාගත හැක්කේ අනුෂ්කි ප්‍රෙමචන්ද්‍ර තමාම පටිගත කරන ආකාරයක් හඳුනාගත හැකි වීඩියෝවක් බවය.
මුලින්ම මීට දින 12 කට පෙර අනුෂ්කි හා කනුෂ්කි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිට සිය දුක් ගැනවිල්ල මාධ්‍ය ඉදිරියේ කියා සිටි අතර එම අවස්ථාවේ තමන්ගේ පෙම්වතෙක් ගැන කිසිවක් සඳහන් නොකළ අනුෂ්කි තමන්ට එරෙහිව වැඩ කරන කිසියම් පිරිසක් කෘත්‍රීම බුද්ධිය යොදාගෙන ව්‍යාජ ලෙස සකස් කළ නිරුවත් වීඩියෝවකින් තමන්ට අපහාස කර ඇති බව හඩමින් කීවාය.
කෙසේ වෙතත් 'කෘත්‍රීම බුද්ධියෙන් සැකසූ වීඩියෝව' යන්න සමාජ මාධ්‍ය විවේචකයින් හාස්‍යයට ලක්කර තිබූ අතර එය සැබෑ වීඩියෝවක් බවට සංවාද රැසක් සමාජ මාධ්‍ය තුළ පළවිය. ඇතැමුන් ඡායාරූප සහිතව ප්‍රචාරය කර තිබුනේ අනුගේ පෙම්වතා වෙත ඇය ලබාදුන් ඇගේ නිරුවත සහිත වීඩියෝවක් ඔහු ඇය සමග අමනාපයෙන් පසු අපහාස චේතනාවෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි කථාවකි.
මේ සිදුවීමෙන් දින කිහිපයකට පසු පසුගිය 26 වනදා ලසන්ත ලියනගේ නමැති අනුෂ්කිගේ හිටපු පෙම්වතා කියාගත් තරුණයෙකු ප්රවෘත්ති සාකච්චාවක් පවත්වමින් කියා සිටියේ අනුෂ්කිගේ නිරුවත් වීඩියෝව මුදාහැරියේ තමන් බව කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් තිබුණ බවත් ඒ සඳහා කට උත්තර ලබාදීමට තමන්ට කැඳවීමක් ලද බවත්ය. එම අවස්ථාවේ ලසන්ත පැවසුවේ ඇය 'කෘත්‍රීම බුද්ධි වීඩියෝ' කතාවක් මාධ්‍ය වෙත කියා තිබුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණිල්ලේ එවැන්නක් සඳහන් කර නැති බවත් තමන් ඇගේ නිරුවත් වීඩියෝවක් කාන්දු කළ බව කියමින් අභූත චෝදනා නගා තිබූ බවත්ය. ලසන්ත සිය ප්රවෘත්ති සාකච්ඡාවේදී විස්තරාත්මකව අනුෂ්කි තමාට කළ වාහන වංචාවක් සම්බන්ධයෙන්ද තොරතුරු ඉදිරිපත් කර සිටියේය.
මෙම සිදුවීමෙන් පසු අද (30) නැවතත් අනුෂ්කි හා කනුෂ්කි ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ලසන්ත ලියනගේ නමැති පෙම්වතා ගැනත් මෙම නිරුවත් වීඩියෝ සංසරණය ගැනත් විස්තර කළ අතර අද දිනයේ ඔවුන් 'කෘත්‍රිම බුද්ධි' යන වචනය පාවිච්චි කළේ නැත. එසේම අනුෂ්කි එක් අවස්ථාවක කියා සිටියේ තමන් සියලුම පෙම්වතියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් මෙවැනි දෙයකින් ආත්මයට හානියක් වන නිසා තම පෙම්වතා පමණට වඩා විශ්වාස නොකරන ලෙසත්ය.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී එකට එක කිරීමක් ලෙස අනුෂ්කිද තම පෙම්වතාගේ වංචාවක් ගැන දීර්ඝ විස්තර මාධ්‍ය ඉදිරියේ කෝපයෙන් යුතුව එළිදක්වන අයුරු හඳුනාගන්නට ලැබිණි.
සමාජ මාධ්‍ය ජාලා හරහා මෙම වීඩියෝව මුදා හැරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් හදුනාගත් යම්කිසි සැකකරුවන් පිරිසක් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බවත් ඇය කියා සිටි අතර අග්‍රාමාත්‍යවරියගෙන් හා කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් මෙවැනි සිදුවීම් පිළිබදව කඩිනමින් විමර්ශනය කටයුතු සිදුකළ යුතු බව ඉල්ලා සිටියාය.
0 Comments